ව්‍යාජ ලෙස සකස් කරන ලද රන්කාසි තොගයක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් කුරුවිට, මලව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයා 19 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
කුරුවිට පොලිසිය ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇති අතර එහි දී මෙම තරුණයා රුපියල් ලක්ෂ 60 කට මෙම ව්‍යාජ රන්කාසි අලෙවිය සඳහා තැත්කර ඇති බව වාර්තා වේ.
කිලෝග්‍රෑම් 2ක් බරැති රන්කාසි 960ක ප්‍රමාණයක් මෙම සැකකරු සතුව තිබී හසුව ඇති අතර අද (19) දිනයේ ඔහුව රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.