මහ බැංකු අධිපති විසින් අද (12) පැවති මාධ්‍ය හමුවකදී වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
එහි දී ඔහු පෙන්වා දුන්නේ එරට තුළට විදේශ විනිමය ගලා ඒම ප්‍රකෘත්ති තත්ත්වයට පත්වූ පසු නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බවයි.
මේ වන විට වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සියල්ල ආනයනය කෙරෙන බවත් මේ සඳහා මෙරටින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
කෙසේ නමුත්, සංචාරක කර්මාන්තය වැනි විශාල විදේශ විනිමයක් නැවත මෙරටට ගෙනදිය හැකි විෂයන් හි යළි වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ දී ඇති වන ස්ථාවරත්වය සමග යළි වාහන ආනයනය කිරීමට අවසර ලබාදිය හැකි බවට අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කර ඇත.