නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මහාසංඝයා වහන්සේලාගෙන් ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේ, උන්වහන්සේලා ආශීර්වාද කරමින් රට ගොඩ නැගීමේ කටයුත්ත නිසි ලෙස සිදු කරන ලෙසද, එසේ නොමැති වුවහොත් අලින්ටත් බේරේ වැවේ නාන්න විය හැකි බවද ප්‍රකාශ කරන ලදී.
ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී අරගලයට පහර දීමට පැමිණි පොදුජන පෙරමුණේ පාක්ෂියන් අල්ලාගෙන බේරේ වැවට දැමීමට සාමාන්‍ය ජනතාව කටයුතු කරන ලදී. ඔවුන්ගේ පහර දීම නිසා ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුද වලින් පිරි ගියේය.













































