විවිධ දූෂණ, වංචා වලට චෝදනා එල්ල වී සිටින මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ නම භාවිතා කරමින් විවිධ ස්ථානවලට බලපෑම් කරමින් තම වංචා දූෂණ සහ අකටයුතුකම් කරගෙන යන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විදේශගතව තිබෙන බව වාර්තා වේ.
මෙසේ අවුරුදු ගනනාවක් තිස්සේ වරින් වර විදේශගතව තිබෙන්නේ වැඩබලන දියවඩන නිලමේ ලෙස නීතිවිරෝදී පුද්ගලයන් පත් කරමිනි.
කෙසේ වුවත් පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා ඉහලින් පිලිගත් දියවඩන නිලමේවරයා මේ වන විට තමන්ගේ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා වසා ගැනීම සදහා විශාල වෙහෙසක් ගනිමින් සිටී.
නමුත් මේ වන විටත් ඔහුගේ වංචා දූෂණ වලින් විශාල ප්‍රමාණයක් මෙන්ම බුදු දහම විනාශ කිරීම සහ ශ්‍රී දළදා මාලිගාව ව්‍යාපාරික සමාගමක් ලෙස රජයේ ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා රැසක සාක්ෂි ද සමාජ ගතව තිබේ.
එසේම ඔහුගේ සියලු වංචා සහ දූෂණ රකිම සදහා සහ ඒවා යටපත් කිරීම සදහා කටයුතු කලේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ බව ද තතු දත් පුද්ගලයන් අප සමග සාක්ෂි සහිතව ප්‍රකාශ කර තිබේ.