කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන විගමන පනත උල්ලංගනය කරමින් වරදක් සිදුකොට ඇති නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.
මහේස්ත්‍රාත්වරයා අද (9) ප්‍රකාශ කොට ඇත්තේ ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය හා ජාතික හැදුනුම්පත පිලිබදව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා යොමු කර තිබු පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී බව සදහන් වේ.