වැල්ලවාය කෝන්ගහරෑප්ප ප්‍රදේශයේදී සිය බාල සොහොයුරා එල්ල කළ පිහි පහරින් වැඩිමහල් සොහොයුරා ජීවිතක්ෂයට පත්වූ අනුවේදනීය පුවතක් වාර්තා වේ.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති අතර මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයකු බවට සදහන්.
ඝාතනය සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 25 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි.
 
	    	



























 
		    

















