වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම නියම වේ.
2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුම්වලදී සිරකරුවන් 08 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එම චෝදනාවට වැරදිකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (12) මරණීය දණ්ඩනය නියම කර ඇත.
අදාළ නඩුවේ පළමු විත්තිකරු එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක වශයෙන් කටයුතු කළ නියෝමාල් රංගජීව මහතා අධිකරණය විසින් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.