ඊයේ (04) පෙරවරුවේ පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුකළ වැලිසර මහබාගේ ප්‍රදේශයේ සිදුවූ රියඅනතුරට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථය පැදවූ වයස අවුරුදු 16ක ළමයා සහ මෝටර් රථයේ හිමිකරු වන ඔහුගේ පියා එළඹෙන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අද (05) ඔවුන් වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම තීන්දුව ලබා දී ඇත.
අදාළ 16 හැවිරිදි ළමයා පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අනෙක් මන්තීරුවේ පැමිණි මෝටර් රථයක වැදී අනතුරට ලක්ව ඇති අතර ,එහිදී ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද අනතුරට ලක්ව ඇත.
එක් යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.