එල්ලෙන්නට වැලක් නොමැතිව දේශපාලනික වශයෙන් අසරණ ව සිටි විමල් වීරවංශ මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එල්ලෙන්නට වැලක් ලබා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
කිසිදා ඉටු නොකරන පළාත්සභා බලතල බෙදීම පිළිබඳ මාතෘකාවක් කරළියට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කිරීම හරහා මෙම අවස්ථාව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ලැබී ඇති බව ඔහු පවසනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසි දිනක පළාත්සභා ක්‍රමය සම්පුර්ණයෙන්ම බලාත්මක කිරීමට කටයුතු නොකරන බවත් ඒ වෙනුවට ඒ පිළිබඳ සමාජය තුළ කතා බහක් ඇති කරමින් දේශපාලනික වශයෙන් සිය බලය තහවුරු කරගැනීම සඳහා වන උපක්‍රමික දේශපාලන භාවිතාවකට ප්‍රවේශ වී ඇති බවත් සඳහන් කරනවා.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ටිල්වින් සිල්වා අවධාරණය කර තිබෙන්නේ පවතින පළාත්සභා ක්‍රමය වෙනුවට නව බලය බෙදීමේ වැඩපිළිවෙලක් පිළිබඳ සිය පක්ෂයේ අවධානය යොමුව ඇති බවයි.














































