දිඹුලාගල – මගුල්දමන ප්‍රදේශයේ පෙර පාසලකට අයත් වැසිකිළි වලකට ඇද වැටී අලියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙම සත්ත්වයාගේ මළ සිරුර අද (16) පෙරවරුවේ සොයා ගත් බව වාර්තා වේ .
මෙම අලියා මීට දින හතරකට පමණ පෙර මියගොස් ඇති බවත් , අවුරුදු 30 ක් පමණ වයසැති හොදින් වැඩුණු සත්ත්වයෙකු බවත් වෙහෙරගල අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ජී.වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.