අවසරයකින් තොරව ආරක්ෂක කලාපයක් ඩ්‍රෝන යානයක් මගින් වීඩියෝගත කළ පුද්ගලයින් තිදෙනෙකු තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (13) උදෑසන අදාළ සිදුවීම සිදුව ඇති අතර සැකකරුවන් තිදෙනා වික්ටෝරියා වේල්ල, වික්ටෝරියා ජලාශය හා යුද හමුදා සිව්වන බලඇණියේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුර ප්‍රදේශවල දී නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානයක් ඔස්සේ වීඩියෝ ගත කිරීමක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ඒ අනුව අදාළ පුද්ගලයින් පාබල රෙජිමේන්තු යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් කරන ලද දැනුම් දීමකින් පසු අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් අතර කාන්තාවක් ද සිටින අතර ඔවුන් ගොතටුව සහ කැලණිය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර අද (14) දිනයේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.