ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුල සිදුවන දැවැන්ත පරිසර හානි වැලැක්වීම සදහා එහි පරිසර බලධාරීන් හෝ වගකිව යුතු කිසිදු බලධාරියෙක් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව අප දිගින් දිගටම වාර්තා කර තිබේ. බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීම, වෙල් යායවල් ගොඩ කිරීම, අනවසර ඉදිකිරීම් ආදී බොහෝ විනාශයන් සිදු වුවත් මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජයට අයත් වගකිව යුතු නිලධාරීන් සිටින්නේ නිද්‍රා සුවයෙනි. එසේත් නොමැති නම් දේශපාලන රැකවරණයන් උදෙසා ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තීන් උල්ලංඝණය කරමින් සිටි.
එවැනි තවත් පරිසර දූෂණයක් මහනුවර අකුරණ ප්‍රාදේසිය සභාවෙන් වාර්තා වේ. එම ප්‍රදේශයේ එකතුවන සියලු අපද්‍රව්‍ය බැහැර කිරිම සිදුවන්නේ පූජාපිටිය ඔවිස්ස ජනපදයේ අක්කර හතලිහ නමැති කඳුකර ප්‍රදේශයටයි මේ හේතුවෙන් එම කන්ද අවට පිහිටි ඕවිස්ස උතුර, ඕවිස්ස දකුණ, කසාවත්ත, බුලුගොහොතැන්න, වෙලේකඩේ යන ග්‍රාමසේවා වසම් වල ජනතාවට අසිරුතාවලට මුහුනදි සිටි. එම ස්ථානයට බැහැරකරන අපද්‍රව්‍ය අවට ගම්මාන කරා වැසි ජලය සමග ගලා යැමෙන් එම ප්‍රදේශවල නිවෙස්වලට හා ගෙවතුවල එක්රොක්වි එම ගම්මානවල මැසි මදුරු ගහනය අධිකවි ඇතැයි ප්‍රදේශවාසින් සදහන් කරයි. බීමට ගන්නා ජලය පවා මෙම කසල බැහැරකරන කදු ප්‍රදේශයෙන් ලබා ගන්නා බැවින් එම ජලයද දුගඳ හමන බව සදහන් කරයි.
අකුරණ ප්‍රදේශයේ මරණ ගවයින්ගේ අපද්‍රව්‍යද මෙම ප්‍රදේශයට බැහර කිරිම සිදුකරන බව තහවුරවන සලකුනු දක්නට ඇත. මෙම ප්‍රදේශයේ රජ කාලේ සිට වී වගා කරණ කුඹුරුද මේ වනවිට අතහැර දැමිමට සිදුව තිබේ. ඒ අපද්‍රව්‍ය, වීදුරු කැබලි වැසි ජලය සමග එම කුඹුරු කරා ගලා ඒම නිසාය. අකුරණ කටුගස්තොට හරහා මහවැලි ගඟ කරා ගලා එන පිඟා ඔයේ ආරම්භය මෙම කන්දේ සිට සිදුවේ. මෙසේ බැහැර කරන අපද්‍රව්‍ය පිඟා ඔය දිගේ පැමිණ මහවැලි ගඟට වැටි පොල්ගොල්ල හා වික්ටෝරියා ජලාශය දක්වා ගලා එයි. වික්ටෝරියා ජලාශයේ ටොන් ගණනින් අපද්‍රව්‍ය එකතුවී ගොඩගැසි ඇති අයුරු අපට දකින්න ලැබෙන්නේ මේ හේතුව නිසාය. කසල බැහැර කරන කඳුකර ප්‍රදේශයේ අවට විවිද වනසතුන් මියගොස් තිබු බවට අවශේෂවු කොටස්වලින් තහවුරු කරගැනිමටද හැකියාව තිබේ. මෙසේ අවිදිමත් අපද්‍රව්‍ය බැහැරකිරිම නිසා විශාල පරිසර හානියක් මේ වන විටත් සිදුවෙමින් පවති. මේ පිලිබඳව ප්‍රදේශවාසීන් කොතෙක් අදාල බලධාරීන් දැනුවත් කලත් කිසිඳු ප්‍රතිපලයක් මේ වනතුරුත් සිදුව නැති බව ඔවුන් සඳහන් කරයි.