ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ අද (15) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි.
එම පියවර ගෙන ඇත්තේ විදුලි උත්පාදනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් ලැබීම හේතුවෙන් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පාරිභෝගිකයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව විදුලිබල මණ්ඩලය විසින් විශේෂ ඉල්ලීමක් ද කර ඇත.















































