විදුලි පාරිභෝගිකයින්ගෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2022 ඔක්තෝබර් මස 01 වනදා සිට අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිල්පත්වලට බලපාන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඒ බව දැනුම් දී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන බව සමාජ ආරක්ෂණ බදු පනතට අනුව සඳහන් වේ.
ඒ අනුව එම බද්ද අය කරනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා පාර්ශවයන්ගේ විදුලිය මිලදී ගැනීම මත බව ද වාර්තා වේ.
















































