දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමේ පැවති ගැටලු යාථා තත්ත්වයට පත් කර ඇත.
ඉහළ කොත්මලේ සිට බියගම දක්වා වන විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් ඊයේ (29) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අක්‍රියව පැවතිණි.
කෙසේ නමුත් ඊයේ (29) රාත්‍රියේ දී විදුලිසැපයුම නැවත යාථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණු බවයි විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.
එමෙන් ම පන්නිපිටිය, රත්මලාන, ශ්‍රී ජයවර්ධනපුර, අතුරුගිරිය සහ කොස්ගම යන ග්‍රීඩ් උපපොළවල බිඳවැටීම් හේතුවෙන් ද ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම ඇණහිට ඇති බවද විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම විදුලි බිඳවැටීම් යම් කඩකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව ද සොයා බලන බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.














































