මේ දිනවල උණ රෝගී තත්ත්වයෙන් පසුවන්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බව වාර්තා වේ.
“ඔබට උණ නම්, කළ යුතු ප්‍රධානම දේ විවේකය. එයින් අදහස් කරන්නේ ඔබ එදිනෙදා කරන රාජකාරිවලින් ඉවත්වීම. රාජකාරියට යන කෙනෙක් නම් දින කිහිපයක් රාජකාරියෙන් ඉවත්වීම හා පාසල් යෑමෙන් දින කිහිපයක් ඉවත්වීම. දෙවැනි කාරණය තමයි පුළුවන් තරම් දියරමය ආහාර වැඩිපුර එකතුකර ගැනීම. මේ මොහොතේ උණ කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය දෙයක්. පැරසිටිමෝල් ඖෂධය නියමිත මාත්‍රාව නියමිත අයුරින් ලබාගන්න උණ පාලනය කරන්න. ඒ හැරරෙන්න වෙනත් ඖෂධ ගන්න එපා. ඩිස්ප්‍රීන්, ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ කිසිසේත්ම මේ දවස්වල උණ පාලනය කරන්න භාවිත නොකළ යුතුයි. ඒ හරහා ඔබට ඩෙංගු රෝගය තිබුණොත් අනවශ්‍ය සංකූලතා ඇති විය හැකියි. අවසානය වනවිට මරණය දක්වා වුවත් යන්න පුළුවන්. දෙවැනි දවසේ උණ පාලනය වුණේ නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න. සම්පූර්ණ රුධිර පරීක්ෂණයකට යන්න.”














































