English
සිංහල
17:00 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විදුහල්පතිගේ වැරදි වහගන්න මහජනතාව උද්ඝෝෂණයකට පොළඹවයි!. පළාත් සභාව වැරදි වලට උපකාර කරයි!.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    • පළාත් සභාවට සහ කලාපයට කර තිබෙන කිසිදු පැමිණිල්ලක් විභාග කර නෑ.!
    • විදුහල්පතිගේ වංචා දුෂණ යටගහන පළාත් සභාවේ අධ්‍යක්ෂකවරියක් !.
    • බෙර හදන්න කියලා රුපියල් අසුදාහක් අරගෙන! ක්‍රීඩා උත්සවයේ ලක්ෂ ගණනාවක් පිල්ලි ගහලා!
    • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සියලුම දුෂණවලට උපකාර කරනවා !.
    • නිදහස්  ඡායාරූප තිබී දරුවන් පාසලෙන් ඉවත් කරලා!
    • ප්‍රධාන ශිෂ්‍ය නායිකාවකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ!.
    • රාවණා ලංකා මාධ්‍ය ආයතනයට එරෙහිව උද්ඝෝෂණයකට ජනතාව පොළඹවයි!
    • වැඩ තහනම් කර නීතිය ක්‍රියාත්මක කල යුත්තේ කෙසේද?

    අපගේ මාධ්‍ය මෙහෙවර සිදුවන්නේ පිඩිත ජනතාව වෙනුවෙන් වන අතර සමාජය සුරැකීම වෙනුවෙන් බොහෝ ගවේශන ලිපි ඉදිරිපත්කරයි. එය තරාතිරමක් නොබලා සිදුකරනා අතර අප ලියන ලිපි සියල්ලම ලියනුයේ විද්‍යාත්මකව සහ තාක්ෂණිකව හදුන්වා දී තිබෙන ක්‍රම ඔස්සේය. ඊට අමතරව රජය අප වෙත ලබා දී තිබෙන නීතිමය උපදෙස් සහ අනෙකුත් නීති ද පදනම් කරගෙන සමාජ, ආර්ථික, දේශපාලන සහ ආගමික වශයෙන් සියල්ලම ගලපනු ලබයි. රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා යම් වැරදි තීරණයක් ගත්තේ නම් අප ඒවා පෙන්වා දී තිබේ. අප මේ වන විට ලියා තිබෙන සියලුම ලිපිවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙන නමුත් සබරගමුව පළාත් අධ්‍යාපන සේවය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ කිසිදු ලිපියකට අදාලව ගත යුතු ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැත. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සම්බන්ධව ලියා තිබෙන ලිපිවලටද ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ද කටයුතු කර නැත. එවැනි අවස්ථාවල අප සියල්ලම එකතු කර ජනමාධ්‍ය අමාත්‍යංශයේ පවතින පුවත් සාකච්චාවලදී ඒවා පිලිබදව සෘජුවම ප්‍රශ්න කෙරේ . එසේ ක්‍රියාමාර්ග නොගැනීමෙන් එම ආයතනවල පරිහානිය දිගින් දිගටම වැඩිව තිබෙන අතර එයින් තවත් සැගව තිබෙන ප්‍රශ්න ගනනාවක් අනාවරණය වෙමින් පවතී. ඒවායින්ද දුෂණය වන්නේ අදාළ ආයතනවල පැවැත්මය. එසේම එයින් ඔවුන්ගේ වෙනත් වෙනත් පෞද්ගලික, අනියම් සහ සබඳතා සහ ඒවා නිසා සත්‍ය යටපත්වන බවද හදුනා ගැනීමට අපගේ විමර්ශන කණ්ඩායම් සමත්ව තිබේ . කෙසේ නමුත් මෙම ලිපිය ලියැවෙන්නේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ දුෂිත පරිපාලනය, ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ දුෂි පිළිවෙත සහ සබරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අනියම් සබඳතා මත සගවන ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විනාශය පිළිබඳව කතා වස්තුවේ කෙටි සටහනකි. 

    •  පළාත් සභාවට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට කර තිබෙන කිසිදු පැමිණිල්ලක් විභාග කර නෑ.!

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පවතින ප්‍රශ්න පිලිබඳව ගුරුවරුන් සහ ආදී ශිෂ්‍ය සංගමය විසින් ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලිඛිතව මෙන්ම වාචිකව පැමිණිලිකර තිබුනත් ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මෙම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ද විවිධ වංචා , දුෂණ මෙන්ම අක්‍රමිකතා රාශියක් අපට වාර්තා වී තිබේ. එසේම එම අධ්‍යක්ෂක විසින් ස්ථානමාරු ලබා දීමේදී ද ගුරුවර, ගුරුවරියන්ට විවිධ අයුරින් සලකා තිබෙන අතර විවිධ දේශපාලන සබදකම් තිබෙන අයට පමණක් අවශ්‍ය පහසුකම් ලබා දී තිබේ. විවිධ රෝගාබාධ තිබෙන, විශ්‍රාම යාමට ආසන්නව සිටින අසරණ ගුරුවර ගුරුවරියන් විශාල ප්‍රමාණයක් අප ආයතනය වෙත තමන්ගේ දුක් ගැනවිලි රාශියක් යොමුකර තිබේ. ඒ පිළිබඳව අප වෙනම ලිපියක් සකසමින් තිබේ. අනෙකුත් සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂකවරුන්ගේ හැසිරීම කෙසේ වෙතත් මේ වන විට පත්ව සිටින පළාත් අධ්‍යාපන ලේකම්වරිය මහජනතාව වෙනුවෙන් නොකා නොබී සේවය කරන බව අපගේ කණ්ඩායම සබරගමුව පළාත් සභාවට ගිය අවස්ථා කිහිපයකම නිරීක්ෂණය කර තිබේ. මහජන දිනයට ඇය දිව ආහාරයවත් ලබා නොගන්නා බව අවස්ථා කිහිපයකදීම අපගේ කණ්ඩයම් නිරීක්ෂණය කර තිබේ.

    කෙසේ නමුත් මෙම විද්‍යාලයේ පවතින ගැටළු කිසිවක් විසදීමට මීට පෙරද කටයුතු කර නොමැති අතර මෙම විදුහල්පතිගේ කාලවකවානුව තුලම පාසලේ ගුරුවරු සැලකිය යුතු ප්‍රමාණයක් අත්සන් තබා ගොස් උපකාරක පන්ති කර තිබේ. එම ගැටලුව විසදීම  සඳහා ද ආදී ශිෂ්‍ය සංගමය කටයුතු කර තිබේ. එහිදී ද මෙම පාසලේ දරුවන්ගේ දෙමාපියන් කිසිවක් කල බවක් අපට වාර්තා නොවේ.  නමුත් ආදී සිසුන් සබරගමුව පළාත් ආණ්ඩුකාරව සිටි ධම්ම දිසානායක මහතා සහ එවකට පළාත් අධ්‍යාපන ලේකම්, වර්තමාන පළාත් ලේකම් මහින්ද එස් වීරසුරිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් පාසලට පැමිණ එම ගුරුවරුන් ස්ථාන මාරුකර යවා තිබේ. නමුත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් කටයුතු කර නැත. එසේම එහිදී මෙම විදුහල්පතිට එරෙහිවද කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන් කටයුතු කර නැතිවීමේ ප්‍රතිඵලය අද ජනතාව භුක්ති විදී. මහින්ද එස් වීරසුරියට කල යුතුව තිබුනේ විදුහලප්තිට සහ එම ගුරුවරුන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කර ඔවුන් ගුරුකමෙන් ඉවත් කිරීමටය. ඔවුන් අවුරුදු ගනනාවක් පුරා පාසලට පැමිණ අත්සන් තබා නැවත ගොස් උපකාරක පන්ති කර තිබේ. ඔවුන් අවුරුදු ගණනාවක් පුරා සිදුකර තිබුනේ රාජ්‍ය මුදල් විනාශ කරමින් පාසල් වෙලාව තුල පාසලේ දරුවන්ගෙන් සහ වෙනත් පාසල් දරුවන්ගෙන් මුදල් ලබාගෙන නගරයේ උපකාරක පන්ති පැවැත්වීමය. කෙසේ නමුත් පළාත් සභාවේ රාජ්‍ය බලධාරීන්ට මහජනතාව වැටුප් ගෙවන්නේ දුෂණයට අනුබල දීමට හෝ දුෂිතයන් සුරැකීමට නොවේ.

    නිසි අධ්‍යාපන ක්‍රියාවලියක් තුලින් පත්ව නැති මෙම විදුහල්පතිවරයා කලාප සහ පළාත් කාර්යාල සමග පවත්නා සබදකම් මත ඒ තුලින් ගුරුවරු පාලනයක් කරයි. ඊට අමතරව ඔහුගේ නීතිවිරෝදි කටයුතු නොකරනා ගුරුවරුන් ස්ථානමාරු කර යවා තිබේ. සමහර ගුරුවරුන්ට ඉගැන්වීම සදහා අවශ්‍ය කාලසටහන් ලබා දී නැත.

    • විදුහල්පතිගේ වංචා දුෂණ යටගහන පළාත් සභාවේ අධ්‍යක්ෂකවරියක් !.

    මෙම විදුහල්පතිට එරෙහිව වර්තමාන ආදී සිසුන් වාචිකවත්, ලිඛිතවත් පැමිණිලි ඉදිරිපත්කර තිබේ. නමුත් පළාත් අධ්‍යාපන බලධාරීන් ඒවා විභාග කිරීමට අවශ්‍ය කටයුතු කර නැත. එම පැමිණිල්ලෙන් පසු ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක දැනුම් දී තිබෙන්නේ පාසල් පරීක්ෂණයකට පැමිණෙන බවයි. එම කලාප කාර්යාලය තුලද මෙම විදුහල්පතිගේ විවිධ දූෂණ ක්‍රියාවලට උපකාර කරනා නිලධාරීන් සිටින බව අප සොයාගෙන තිබේ. පාසලක් පරික්ෂා කිරීමට පැමිණිය යුත්තේ වේලාසන දැනුම් දීමෙන් නොවේ. දැනුම් දී සති කිහිපයක් ගිය පසු, අලුත් ලිපි ගොනු සැකසීමෙන් පසු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පාසලට පැමිණ ගොස් තිබේ. එය පරීක්ෂණයක් නොවන, චාරිකාවකි. “ඔන්න අපි ආවා, උබලට පුළුවන් දෙයක් කරහල්ලා” ලෙස අභියෝගයක් ලබා දෙමින් ඔහු පාසල තුල හැසිරුණු ආකාරය පිලිබඳව වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ.

    ඒ අතරේ විදුහල්පතිගේ මෙම චෝදනා ලිපිය යටගසනා සබරමුව පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක් සිටින බව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසල් 6 ක විදුහල්පතිවරු ප්‍රකාශ කළේය. විදේශීය චාරිකාවක් හා සම්බන්ධ කරනා ගණනාවක් මේ වන විටත් අප අනාවරණය කරගෙන තිබේ. ඔහුට එරෙහිව තිබෙන පැමිණිලි යට ගසනා අදාළ අධ්‍යක්ෂකවරිය සහ සම්බන්ධ තවත් කතා කිහිපයක් කිහිපයක් ද අපට ඉදිරියේදී හෙළි කිරීමට සිදුවන්නේ, ඔවුන් එක්ව සිදුකරනා දුෂිත ක්‍රියාවලින් සදහා භාවිතා කරනුයේ මහජන මුදල්  බැවිනි. එසේම ඔවුන් වනසන්නේ පුංචි උන්ගේ අනාගතය බැවිනි. එයින් අපට සිදුවන්නේ ඔවුන්ගේ දුෂිත සබඳකම් හඩපට සමග සමාජයට මුදා හැරීමටය. අපට වටින්නේ දරුවන් විනා වැඩිහිටියන්ගේ දුෂණය සුරැකීම නොවේ. නුසුදුසු පුද්ගලයන්ට තනතුරු දීමෙන් සිදුවන්නේ ඔවුන් උන්මත්තකයන් සේ හැසිරීමය.

    • බෙර හදන්න කියලා රුපියල් අසුදාහක් අරගෙන! ක්‍රීඩා උත්සවයේ ලක්ෂ ගණනාවක් පිල්ලි ගහලා!

    අතීත වංචනික ක්‍රියාවලිය තුල පාසලට ළමුන් ඇතුලත්කර ගැනීමට ලක්ෂ ගන්නන් මුදල් ලබාගෙන තිබේ. මුදල් දී තම දරුවන් ඇතුලත් කරගත් කිහිපදෙනකු ඒ පිලිබඳව පාපොච්චාරණය කර තිබේ. පාසල් සීමාවෙන් බැහැරව සිටින ඔවුන්ට දරුවන් ඇතුලත් කරගැනීමට සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් ලබා ගත නොහැක. ඒ අනුව වාර්තා නොවන අයුරින් සහ වාර්තාවන අයුරිනුත් අල්ලස් ලබාගෙන දරුවන් පාසලට ඇතුලත් කරගෙන තිබේ. ඒවා සෙවීම රාජ්‍ය විගණනයකින් සහ ස්වාධින පරික්ෂණයකින් විනා කල නොහැක. පාසලේ දරුවන් ඇතුලත් කරගෙන තිබෙන අයදුම්පත්‍රයේ සිට පාසලේ තිබෙන ඩෙස් පුටු ප්‍රමාණයේ සිට අවුරුද්දෙන් අවුරුද්ද සියුම් පරීක්ෂණයක් සිදුකළ යුතුය. ඒ හැර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ “හොරු සමග හෙළුවෙන්” ක්‍රීඩාවෙන් මේවා සෙවිය නොහැක. සියල්ලම සිදු කල යුත්තේ ආණ්ඩුකාර තැන හෝ ලේඛම් නම් අනෙකුත් නිලධාරීන්ට වැටුප් ගෙවා පලක් නැත.

    • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සියලුම දුෂණවලට උපකාර කරයි !.

    කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මෙම පාසලේ පවතින සියලුම දුෂිත ක්‍රියාවලට උපකාර කරනා බව අප මීට පෙරද සඳහන් කර තිබේ. ඊට අමතරව මෙම කලාප අධ්‍යාපන කාර්යාලය තුල සිටින බොහෝ උපදේශක ගුරුවරුන් මෙම විදුහල්පතිගේ සමීප හිතමිතුරන් බවද අප සොයාගෙන තිබේ.  ඊට අමතරව ඔහු යටතේ, ඔහු විසින්ම අල්ලස් ඉල්ලීම්, විවිධ ගුරුවරුන්ට විවිධ අයුරින් කර තිබෙන සැලකීම්, ඔහුගේ යටතේම සිදුවන සහ සිදුව තිබෙන වංචා දුෂණ රාශියක් අදාළ ලේඛන සමගම අප වෙත ලැබී තිබේ. ඒවාද ඉදිරියේදී වෙන් වෙන්ව පලකිරීමට අප කටයුතු කරනු ඇත. එසේම ස්ථාන මාරුවීම් සම්බන්ධව ඔහුගේ විවිධ ප්‍රකාශ සදහන් හඬ පටද අප වෙත ලැබී තිබේ.

    • නිදහස්  ඡායාරූප ලබාගත් දරුවන් පාසලෙන් ඉවත් කරලා!

    එසේම මෙම පාසලේ දරුවන් කිහිප දෙනෙකුම නිරපරාදේ ඉවත් කිරීමට කටයුතු සිදුකර තිබේ. ඒ අතරේ ආසන්නතම සිදුවීම මීට මස කිහිපයකට පෙර සිදුව තිබේ. ඒ ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකු ලබාගෙන තිබු සෙල්ෆි ඡායාරූපයක් මත ගැහැණු දරුවා පාසලෙන් ඉවත් කර තිබීමයි. නමුත් පිරිමි දරුවා ඉවත් කිරිමට කටයුතු කර නැති අතර එම ගැහැණු දරුවාගේ පාසල් අධ්‍යාපනය එතැනින්ම අවසන් වී තිබේ. ඔවුන් අතරේ ප්‍රේමයක් තිබුනේද යන්න හෝ අනාවරණය කරගෙන නොතිබෙන අතර විනීතව ලබාගත් ඡායාරූපයක් නිසා ගැහැණු දරුවෙකු පාසලෙන් ඉවත් කිරීම විදුහල්පතිගේ පරිපාලනයේ දුර්වලතාවයකි. එම ජායාරුපයට අනුව ප්‍රේමයක් තිබිය හැකි බව විශ්වාස කල හැකි වුවත් ඔවුන් දරුවන්ය. ඔවුන් යහමග ගැනීමට විදුහල්පති දක්ෂ විය යුතුය. නමුත් ඔහු සිදුකරනා වැරදි මොනවාද යන්න ඔහුගේ “හදුන්පතට” නොතේරීමෙන්ම ඔහුගේ අඥාන කම ප්‍රදර්ශනය වේ. “වෙස් මුහුණු බැඳන් ආවත් නටන්නේ එළිපිට” බව ඔහුට නොතේරීම ඔහුගේම දෝෂයකි. එසේම දරුවෙකුට අධ්‍යාපනය අහිමිකිරීමට බලයක් ඔහුට නැත. ඊටත් අමතරව ගැහැණු දරුවන් හා සම්බන්ධ විවිධ ගැටළු ගණනාවක් අප වෙත ලැබී තිබේ. අප ප්‍රසිද්ධ කිරීමෙන් වළකින්නේ එය එම පාසලේ අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන මානසිකත්වයට බාධාවක් වන බැවිනි. නමුත් එම දරුවන්ගේ අනාගත යහපත වෙනුවෙන් ඒවා සවිස්තරව ඉදිරිපත් කිරීමට අප කටයුතු නොකරන නමුත් පාසලේ විදුහල්පති දක්ෂ වුයේ නම් දරුවන් එසේ වන්නේ නැත. එක් එක් දරුවන්ට එක් එක් ලෙස සැලකීමෙන් මෙසේ අපරාධ සිදු වේ. කෙසේ නමුත් විදුහල්පති යහපත් වුයේ නම් දරුවන් අයහපත් වන්නේ නැත.

    • ප්‍රධාන ශිෂ්‍ය නායිකාවකගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයේ!.

    පාසලේ පරිපාලනයේ හොදකම කෙසේද යත් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවකගේ අසභ්‍ය ඡායාරූප කිහිපයක් මේ වන විටත් අන්තර්ජාලයේ සැරිසරයි. නමුත් එම ගැහැණු දරුවා ශිෂ්‍ය නායිකා කමෙන් පමණක් ඉවත් කිරීමට කටයුතු තිබේ. එවැනි ආකාරයේ ගැහැණු ළමයෙක් පාසලේ තබා ගැනිමත්, ඒ ආකාරයෙන් අවිනීත නොවූ දරුවෙකු පාසලෙන් ඉවත් කරමින් දෙවිදියකට සැලකුවේ ඇයිද යන්න වැඩිහිටියන් ප්‍රශ්න කරති. සමහර විට පාසලෙන් ඉවත්කළ ගැහැණු දරුවාගේ නිරුවත ඔහුට බලාගැනීමට නොහැකි වූ නිසා ඇති වූ කම්පනයෙන් එසේ කලාද විය හැකිය. අප මුලින් ලියු ලිපියට සබරගමුව පළාත් ලේඛම් සහ මෙම පරීක්ෂණය සිදුකරන ලෙස බාර දුන් නිලධාරිනිය කටයුතු කලේ නම් මේ ආකාරයෙන් නැවත නැවත ලිවීමට අපට සිදු නොවේ. ඔවුන් විසින් දරුවන්ගේ විනාශය ලියා තිබෙන්නේ එකතුවය. මේ ශිෂ්‍ය නායිකාව වුවත් ඒ ආකාරයෙන් කටයුතු කරනුයේ විදුහලප්තිගේ දුෂිත, අක්‍රමවත්, විනයගරුක නොවූ පාලනය නිසාය. විදුහල්පති හරි පාරේ ගියේ නම් දරුවන්ද, ගුරුවරුන්ද යන්නේ හරි පාරේය. එම ගැහණු දරුවාට නිසි ලෙස අධ්‍යාපනය ලබා දුන්නේ නම් ඔවුන්ට එවැනි දේ සිදු නොවේ. වරද මෙම ශිෂ්‍ය නායිකාවගේ නොවේ. යාල යන පාසලක් බිහිකළ සියලුම බලධාරින්ගේය.

    • රාවණා ලංකා මාධ්‍ය ආයතනයට එරෙහිව උද්ඝෝෂණයකට ජනතාව පොළඹවයි!

    මෙම පාසලේ පරිපාලනය හා අනෙකුත් කාරණා සියල්ලම පිළිබඳව අප අවශ්‍ය සාක්ෂි ලබාගෙන පළකර තිබේ. එසේම අපගේ මුල් ලිපියද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට යොමුකර තිබේ. මෙම දුෂිත විදුහල්පති මේ වන විට ආදී සිසුන් කිහිප දෙනෙකු සහ දෙමපියන් කිහිපදෙනෙකු සමග එකතුව අප ආයතනයට එරෙහිව මහජන උද්ඝෝෂණයක් පැවැත්වීමට අවශ්‍ය මහජන පෙළඹවීම සිදුකරමින් සිටි. ඒ ඔහුගේ වංචා දුෂණ බොරු බවට පෙන්වීමටත්, පාසලට අපකිර්තියක් සිදුවන බවත් යන අඥාන පදනමේ සිටිමිනි. මහජන උද්ඝෝෂණයෙන් සිදුවන්නේ අපට යහපතකි. එයින් මෙවැනි ආයතනයක් ශ්‍රී ලංකාවේ තිබෙන බවට මහජනතාව අතරට යන බැවින් අපද එයට් ඉතාම කැමතිය. නමුත් දුෂණ වසා ගැනීම වෙනුවෙන් ආදී ශිෂ්‍ය සංගමය සහ දෙමපියන් අතර ගැටුම් ඇතිකරවීමට ඉඩ නොදිය යුතුය. ආයතන සංග්‍රහය තුල රාජ්‍ය සේවකයන් මාරු කිරීමේ කාල වකවානුවන් දක්වා තිබෙන්නේ රාජ්‍ය සේවකයන් එම ආයතන තුල තම ආධිපත්‍ය පැතිරවීම තුලින් සිදුවන්නේ අයහපතක් බැවිනි. මෙම විදුහල්පති විදුහල්පතිවරයෙක් වන්නේ කුමන අකාරයකින්ද යන්නද අපට හෙළි වි තිබේ. ඊට අවශ්‍ය නිසි සාක්ෂි ලැබුණු පසු අප එයද අනාවරණය කරනු ඇත. එබැවින් මහජනතාව උද්ඝෝෂණයක් කිරීම ආයතනයක් ලෙස අප ලබන ජයග්‍රහණයකි. නමුත් පාසලක් ලෙස ඔවුන් ලබනා දැවැන්ත පරාජයකි.

    • වැඩ තහනම් කර නීතිය ක්‍රියාත්මක කල යුත්තේ කෙසේද?

    මෙම විදුහල්පතිගේ ක්‍රියාවලියට එරෙහිවත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ මෙන්ම පළාත් අධ්‍යාපන බලධාරියාටද එරෙහිව (විනය බලධාරියා) කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුල තිබේ. මෙම සිද්ධියට අදාලව ඔවුන් තිදෙනාටම එරෙහිව අපරාධ නඩු පැවරිය හැකිය. නමුත් අප මෙහිදී අවධානය යොමුකරනුයේ විදුහල්පතිට එරෙහිව කටයුතුකළ යුත්තේ කෙසේද යන්න අවශ්‍ය නීතියේ ප්‍රමාණයෙන් කුඩා ඉඩක් පෙන්වා දීමටය. ඒ අනුව,

    අ. ලංකා දණ්ඬ නීති සංග්‍රහයේ, 100, 101, 109,112, 113 (අ), 120, 150,203, 208. 483, 484, ආදී වගන්ති ඔස්සේ දැනටමත් නඩු පැවරිය හැකිය. ඒ සදහා ප්‍රදේශයේ පොලිසිය වෙත ගොස් එය කල හැකිය. තවද පරික්ෂණවලදී තවත් වගන්ති ගණනාවක් අනාවරණය වේ. මේ සදහා ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි වෙත පැමිණිලිකළ යුතුය. එසේ නොමැති නම් නීතිඥවරයෙකු මාර්ගයෙන් ප්‍රදේශයේ මහේස්ත්‍රාත් ඉදිරියේ පෞද්ගලික අපරාධ නඩුවක් පැවරිය හැකිය. එය දෙමාපියන්ට හෝ ආදී ශිෂ්‍ය සංගමයට කල හැකිය.

    ආ.        ආයතන සංග්‍රහය යටතේ කටයුතු කල යුතු අතර එහිදී වැඩ තහනම් කල යුතුමය. ඒ සදහා මූලික කරගත යුත්තේ මූල්‍ය ගනුදෙණු සිදුව තිබීමයි. එහිදී ආයතන සංග්‍රහයේ 31.1.1, 31.1.2, 31.1.7, 31.1.9, 31.1.10, 31.1.12,  කටයුතු කල යුතුමය . ඊට අමතරව 31.5.1 යටතේ කටයුතු කල යුතුය. මෙය අධ්‍යාපන බලධාරීන් විසින් කල යුතුය.

    ඇ.        ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, රජ්‍ය සේවා කොමිෂම, අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශණ  කොමිෂන් සභාවෙත ද පැමිණිලි කල යුතුය.

    ඒ අනුව මේ වන විටත් විදුහල්පතිට එරෙහිව වැඩ තහනම් කිරීමත්, මූලික විමර්ශන ආරම්භ කිරීමත් කල යුතුව තිබුණි. නමුත් පළාත් අධ්‍යාපන බලධාරීන් නිහඬව සිටීමත්, අනෙකුත් පාසල් ප්‍රජාවන් ද මෙරට නිතිය නොදැනීමත් නිසා “ උණු වතුර සැලියේද බඩ පිනුම් ගැසීමට”  බලධාරීන්ට හැකියාව ලැබී තිබේ.

    ජීවන්ත ගමගේ. සබරගමුව පළාත් මාණ්ඩලික වාර්තාකරු විසිනි

    ශ්‍රී රාවණා ලංකා සටහන.

    ළමා අපයෝජන පිලිබදව 2021 වර්ෂයේ මුල් මාස පිළිබඳව එළි දැක්වූ වාර්තාවට අනුව රත්නපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවෙන්ම හතරවන ස්ථානය ලබා ගැනීමට සමත්ව තිබේ. ඒ 4700 කි (මාස 6 ක පමණි) එම ප්‍රතිඵලයේ සම්මානය ලැබිය යුත්තේ සබරගමු පළාතේ විශ්‍රාම ගිය, ස්ථානමාරු ලබා ගිය විදුහල්පතිවරුන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ටය. ඔවුන් ගෙන්වා කටු ඔටුනු පළඳා ඔලුවෙන් යැවීමට හැකියාවක් නැත්තේ ශ්‍රී ලංකාව යනු හරවත් නීති පද්ධතියක් තිබෙන රටක් බැවිනි. එම හරවත් නිති පද්ධතිය ඔවුන්, ඔවුන්ගේ දුෂණය වෙනුවෙන් නවාගෙන සිටී. ඔවුන් දේශපාලනය නොකර දරුවන් වෙනුවෙන් කටයුතු කලේ නම් මෙවන් විපතක් රටට සිදු නොවන අතර විදුහල්පතිවරයාට එරෙහිව අපරාධ නඩු පවා පැවරීමට දැනුමැති පරපුරක් රටට හිමි වේ.

    මෙම මහා විද්‍යාලයේ මේ ආකාරයෙන් ගැටළු සිදුවන්නේ අයහපත් පාලනය නිසාය. යහපත් ආකාරයෙන් පාසල් පාලනය කරනා විදුහල් ද මෙම කලාපයේ ඕනා තරම් තිබේ.  ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය, ශ්‍රී කාවන්තිස්සපුර විද්‍යාලය, පනාමුර විද්‍යාලය, රංචමඩම විද්‍යාලය (චෝදනා තිබුනත් පාසල ඉතාම හොදින් කළමනාකරණ කර තිබේ. නමුත් අනාවරණය නොවන චෝදනා තිබේ.)  චන්ද්‍රිකා වැව ජයන්ති විද්‍යාලය, උඩවලව මහා විද්‍යාලය, මොරකැටිය විද්‍යාලය, ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය, පල්ලෙබැද්ද ආදී පාසල් ගණනාවක ඉතාම හොදින් තම පරිපාලනය සිදුකරගෙන යන සැබෑම විදුහල්පතිවරුන් සිටි. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පරිපාලනයවත් සුදුසු බවට තොරතුරු අපට ලැබී නැත.

    එවන් තත්ත්වයක් තුල මෙම මහා විද්‍යාලය තුල සිටි , සහ සිටින දරුවන් වැනසෙන ක්‍රියා රාශියක් සිදු වේ. දරුවන්ගේ යහපත වෙනුවෙන් අප ඒවා සඳහන් නොකරන නමුත් තම දරුවන්ගේ සත්‍ය අනාගතය වෙනුවෙන් දෙමපියන් සියල්ලෝම පෙනී සිටිය යුතුය. මෙම පාසලේ තත්ත්වය පරික්ෂා කිරීමට රාජ්‍ය විගණනයක් සිදු කල යුතුය. ඊට අමතරව සමාජ විද්‍යාත්මක පරීක්ෂණයක්ද සිදුකල යුතුය. ඒ සදහා පළාත් අභ්‍යන්තර විගණනයවත් සුදුසු නැත්තේ පළාත් අධ්‍යාපන බලධාරීන් කිහිප දෙනෙකු සහ පළාත් බලධාරීන් කිහිප දෙනෙකුද මෙම සියල්ලම යට ගසනා බැවිනි.

    ඒ අනුව වංචා, දුෂණ සහ අක්‍රමිකතා සැඟවීම සදහා මහජනතාව අතරේ ආරවුල් ඇතිකරවීමට කටයුතු කරනා මෙම විදුහල්පතිට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතුය. එසේම අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිෂමට ද පැමිණිලි කල හැකිය. තවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමටද පැමිණිලි කල හැකිය. කෙසේ වෙතත් අපරාධ නඩු ගොනු වූ පසු හෝ මොහුගේ වැඩ තහනම් කිරීමට හෝ සබරගමුව පළාත් අධ්‍යාපන බලධාරින්ගේ දෙනෙත් විවර වනු ඇත. ඒ අනුව සබරගමුව පළාත් බලධාරීන් සිදුකරනුයේ ඔහුටවත් යහපතක් නොවේ. ඔවුන්ද මේ සිදුකරනුයේ ඔහුගේ විනාශය ලිවීමය. එය වටහා ගැනීමට නොහැකි අධ්‍යාපන පරිපාලන නිලධාරීන් දරුවන් වෙනුවෙන් කෙසේ යහපත කරන්නද?. ඔවුන්ට දරුවන් යනු ” පාපන්දු බෝලයකි” ඔවුන් උඩ ගසා පයින් ගසන්නේ දරුවන්ගේ මතු අනාගතයට එරෙහිවය.

    මෙවැනි අයට දඬුවම් කරන්න නව නීති අවශ්‍ය නැත. ඔවුන්ට දඬුවම් ලබා නොදී ඔවුන් ආරක්ෂා කරන උසස් නිලධාරීන්ට එරෙහිවද දඬුවම් ලබා දීමට පවතින නීතිය ප්‍රමාණවත් නමුත් එම නීති තව දුරටත් තද කල යුතුය. පහළ නිලධාරියා ආරක්ෂා කිරීමට ඉහළ නිලධාරියාට නොහැකිවන සේ නීති තද විය යුතුය. එහෙත් නීති ප්‍රතිසංස්කරණය කිරීම සහ නව නීති නිර්මාණය කිරීම ගැටළු විසඳීමට හෝ යහපත් පාලනයකට මග පාදන්නේ නැත. අප නිතර ලියන්නා සේ කල යුත්තේ සමාජ විද්‍යාත්මක පදනම් ඔස්සේ සැකසුනු ජාතික ප්‍රතිපත්තියක් සකසා පියවරෙන් පියවර ජාතිය ගොඩ නැගීමයි.  අවශ්‍ය වන්නේ යුද බිමේ වේවා, ජාතික ආර්ථිකය සමබන්ධයෙන් වේවා, අපරාධ කළ අය තවදුරටත් තම අපරාධ නැවත නොකිරීමට සහ අන් අයට ආදර්ශයක් වීමට හැකි වන පරිදි ක්‍රියාත්මක වීමයි. සත්‍ය සෙවීම, අපරාධවලට වගකිවයුතු වැරදිකරුවන්ට වගවීමට සැලැස්වීම, වින්දිතයන්ට වන්දි ලබාදීම සහ එවැනි තත්වයන් නැවත ඇති නොවීමට ක්‍රමවේදය වෙනස් කිරීම අවධාරණය කෙරෙන සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ වටිනාකම මෙයයි.

    එබැවින් වැරදි කරුවන් සුරකින, ඉහල ශ්‍රේණියේ වැරදිකරුවන්ටද වහාම නීතිය ක්‍රියාත්මක කර පියවරෙන් පියවර සියල්ලම නැවත ගොඩ නැගිය යුතුමය. එබැවින් ප්‍රථමව මෙම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින අපරාධකරුවන්ට වහාම දඩුවම් ලබා දිය යුතුමය.

    අධ්‍යාපන බලධාරීන් සගවා තිබෙන පැමිණිල්ල සහිත අපගේ මුල් පුවත.

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පරිපාලනයේ ගැටළු . අධ්‍යාපන බලධාරීන් ආදී ශිෂ්‍ය සංගමය වටේ යවයි!
    ළමා අපචාර වලින් රත්නපුර ඉදිරියට. සමස්ත පැමිණිලි 4700 ක්.
    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version