ලංකා විදුහල්පති සංගමයේ ලේකම් වන පියසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සන සහිතව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ලබන 15 වනදා මෙරට විදුහල්පතිවරුන් එක් දින වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ වග දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ජනතාවට රජය එල්ල කරනු ලබන පීඩාවන්ට එරෙහිව , පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා රජය කටයුතු නොකිරීමට එරෙහිවද මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම ලිපියේ සදහන් කොට ඇති බව කියයි.
විදුහල්පතිවරුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් පසුගිය 28 වන දා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත් වූවද එම අවස්ථාවේ ඇතැම් නිලධාරීන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් අනුව එම ගැටලුවලට කඩිනම් විසදුමක් නොලැබෙන වග පෙනෙන්නට ඇතැයි ද දිවයින පුරා සිටින විදුහල්පතිවරුන් 1597 දෙනෙකුට වසර දෙකක කාලයක් පුරාවට උසස්වීම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවත් විදුහල්පති සංගමයේ ලේකම් ඉදිරිපත් කළ ලිපියේ සදහන් කොට ඇති බව වාර්තා වේ.














































