English
සිංහල
03:08 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විදුහල්පති ඇතුළු ගුරුවරු ළමයි අපයෝජනය කරලා. (වීඩියෝ)

    publisher 3 by publisher 3
    වසර 2ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    රත්නපුර, වැලිගෙපොල, අම්බැවිල ශ්‍රී වජිරවංශ ප්‍රාථමික විද්‍යාලය යනු, එම විද්‍යාලය ආරම්භක කාලයේ පටන් විවිධ ගැටුම් ඇති වූ පාසලකි. ප්‍රාථමික විද්‍යාලයක් අවශ්‍ය නොමැතිව තිබියදී, ප්‍රජා ශාලාවක් වැනි කාමර දෙකක කුඩා ගොඩනැගිල්ලකට පළමු වසර ආරම්භ කරනු ලැබුවේ දේශපාලන හිතවතෙක් වු ගුරුවරයෙකුට විදුහල්පතිකමක් ලබා දීමේ අරමුණින් ය. මහා විද්‍යාලයෙන් ගැලවී ගොස් එක වසර වෙනමම ආරම්භ කිරීමත් සමගම මහා විද්‍යාලයේද විනාශය ලිවීම ආරම්භ වුයේ පළමු වසරට 130 – 150 ක් වැනි ප්‍රමාණයක් සදහා ඉල්ලුම්පත් යොමු වුවත් 70 කට වඩා වැඩි ප්‍රමාණයකට ඉඩ ලබා දීමට නව ප්‍රාථමික අංශයට අවශ්‍ය ඉඩ නොතිබූ බැවිනි.

    මේ වනවිට එම පාසලේ ප්‍රාථමික අංශයේ දියණියකට සිදුව තිබෙන අසාධාරණ සිදුවීමක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් තිබේ. එම වීඩියෝවට සහ එහි සඳහන් සටහන් වලට අනුව මෙම පාසල තුල දැඩි ආරවුල් සහගත බවක් දක්නට තිබේ.

    වයස අවුරුදු 8 ක් පමණ වන 3 වසරේ ඉගනුම ලබන පුංචි දැරියක් තම ජීවිතයේ පළමුවෙන්ම ඉදිරිපත් වූ තරගවලින් ජයග්‍රහණ කිහිපයක් ලබාගෙන මාස ගණනක් පසු වී ඇතත් ඇයට හිමි සහතික පත් ලබා නොදී එම තරග සදහාම පෙනී සිට ජයගත් ගුරුවරියකගේ හිතවතියක්ගේ දරුවාට පමණක් සහතික ලබාදීම හේතුවෙන් සිත්තැවුලට පත් එම දැරිය පාසල් යෑමට පවා නොහැකි බව පවසයි. එම හේතුවෙන් එම දරුවාගේ දෙමාපියන් දැඩි අපහසුතාවකට පත්ව සිටී. දියණිය ඇයගේ දෙමාපියන්ගෙන් මේ පිළිබඳව දින කීහිපයක් විමසා ඇති අතර ඇයගේ සිත සනසා ඇත්තේ පසුව ලැබේවී යැයි පවසමිනි.

    දැනට මාසයකට පමණ පෙර දැරිය පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණ ඇත්තේ හඩාගෙනය. එම පාසලේ ඉගනුම ලබන සමවයසේ දියණියකගේ නමක් කියමින් ඇය පවසන්නේ ඇයට සහතික පත් ලබාදුන් බවයි. ඇස්වල කදුලු පුරවාගත් දියණිය පවසන්නේ “ආයෙනම් කවදාවත් ක්‍රීඩා තරග වලට යන්නේ නෑ මහන්සිවෙලා දිව්වෙ අපරාදේ” කියාය.

    තවද මෙහි ගුරුවරුන් සහ විදුහල්පති විසින් මෙම වසරේ මුල් කාර්තුවේ ගාලු නගරය සහ ඒ අවට නැරඹීම සදහා චාරිකා තුනක් මෙම පාසලෙන් සංවිධානය කර තිබුණේ මාස එක හමාරක් වැනි කෙටි කාලයක් තුලය.

    තවද මෙම පාසල තුල තිබෙන ඉඩකඩද සීමිත වන අතර මෙම පාසල මෙන්ම ප්‍රධාන පාසලද විනාශ මුඛයට යමින් තිබෙන්නේ සබරගමු පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ දුෂිත පරිපාලනය හේතුවෙනි. එය වර්තමානයේ නොව අවුරුදු කිහිපයකට පෙර ඔවුන්ගේ දේශපාලනය සහිත ආණ්ඩු පිහිටවීම සදහා සිදුකරන ලද මහජන පීඩාවන් වේ. පැවති යහපාලන ආණ්ඩුව ජනතාවට එපා කරවීම උදෙසා එවකට අධ්‍යාපන බලධාරීන් දරුවන් බිලි දුන්නේ ඒ ආකාරයෙන්ය.

    මෙම ප්‍රාථමික විද්‍යාලය තුල ඉඩ නොමැති වීම නිසා මහා විද්‍යාලයද සීග්‍රයෙන් විනාශ මුඛයට යමින් තිබෙන්නේ ප්‍රාථමික අංශයෙන් අවශ්‍ය ප්‍රමාණයට දරුවන් ප්‍රධාන පාසලට නොපැමිණෙන බැවිනි.

    ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත්ව තිබු මෙම පාසල විනාශවීමට බලපෑ කරුණු රාශියක් අපවෙත ලැබී තිබේ. යමක් කිරීමට හැකි දෙමාපියන්ගේ දරුවන් නගරයේ පාසල්වලට යන අතර අසරණ දෙමාපියන්ගේ දරුවන් මෙම පාසලට යන්නේ ඔහුනට ශක්තියක් වීමට හෝ තමන් වෙනුවෙන් හඩක් නැගීමට කිසිවෙකුත් නොමැති පසුබිමකය.

    මෙම ප්‍රාථමික අංශය අයාලේ යමින් තිබුණේ මෙම පාසල ආරම්භයේමය. පාසල ආරම්හ වී මේ වන අවුරුදු 5 ක් පමණ විය හැකිය. ප්‍රධාන පාසලෙන් ප්‍රාථමික අංශ ඉවත් කිරීම නිසා දෙමාපියන්ට වැඩි බරක් දැරීමට සිදුවිය. ඒ දැනට පවතින ගොඩනැගිලි පවා ඉදිවී තිබෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දහඩිය මහන්සියෙන් සූරා ගත් මුදල නිසාය.

    තම දේශපාලන වුවමනාවන් ඉටුකරන අධ්‍යාපන බලධාරීන් ඉහළ පුටුවල වැජඹෙති. තවත් සමහරු විශ්‍රාම ගොස්ය.

    දක්ෂ විදුහල්පතිවරයකු මහා විද්‍යාලයට පැමිණ සිටින නමුත් පාසල නැවත යථා තත්වයට ගැනීම ඔහුට ලේසි නොවනු ඇත. ඒ කාලයක් තිස්සේ අයාලේ ගිය ජනතාව මෙන්ම ගුරුවරුද යහ මගට ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවන බැවිනි.

    කෙසේ නමුත් මෙම දියණියගේ හඩට සහ අප සොයා ගත් තොරතුරුවලට අනුව සබරගමු පළාත් අධ්‍යාපන බලධාරීන් මෙම විද්‍යාලය වෙනුවෙන් කර තිබෙන එකම දෙය නම් මෙම පාසල සෑම අතකින්ම වැටීමට අවශ්‍ය කටයුතු පමණි.

    සබරගමුවේ පළාත් අධ්‍යාපන බලධාරීන් මෙම පාසල විනාශ කිරීම සදහා කටයුතු කළ ආකාරය පිළිබඳව තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඒවා අප ආයතනය සතුව තිබේ.

    අපගේ ගවේෂණයට අනුව මෙම පාසල රැක ගැනීමට නම් ප්‍රාථමික අංශයට අවශ්‍ය ගොඩනැගිලි හා දක්ෂ ගුරුවරු ලබා දිය යුතුය. එසේ නොමැතිනම් දරු දැරියන් 1000 කට වඩා සිටි ප්‍රධාන පාසලට මෙම ප්‍රාථමික විද්‍යාලය නැවත ගෙන ගොස් සමස්ත පාසලම නැවත එකම පරිපාලනයකට යටත් කල යුතුය.

    මේ වන විට පාසල් දෙකේම දරු දැරියන්ගේ එකතුව සීඝ්‍රයෙන් අඩු වී තිබේ. සබරගමුවේ අධ්‍යාපනය වැනසුවේ රත්නපුරයේ සමහර දුෂිත දේශපාලන නායකයන් සහ ඔවුන් වෙනුවෙන් ආණ්ඩුබලය ලබා දීමට මහජනතාව පීඩාවට පත්කරමින්, කටයුතු කල පළාත්, කළාප , කොඨිඨාශ අධ්‍යාපන බලධාරීන් සහ සමහර විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ය.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version