විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් හමුව ඇත.
මෙම හමුව සිදුව ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වන සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ය.
මේ අතර හෙට (24) දිනයේ දී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වන සැසිවාරයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා ආමියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, 77 වැනි කණ්ඩායමේ සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම, ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම සහ නොබැඳී ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය රැස්වීම වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීම් කිහිපයක් ද ඇමතීමට නියමිතව ඇත.















































