English
සිංහල
03:13 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විනිසුරුවරුන් පාලනය කරන්නේ පොලිසියද?. අධිකරණයට තර්ජනය කිරමට නීතිපති භාවිතා කරයි.

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

     ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අලුත්ම සෙල්ලම ලෙස අනාවරණය වන්නේ ඔවුන්ට අවශ්‍ය ලෙස නීතිය නැමීමට ඉඩ නොදෙන විනිසුරුවරුන්ට එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත් කිරීමයි. එහි ප්‍රථම දිග හැරීම සිදුවන්නේ අරගලය සමයේ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත් කිරීමයි. එය සිදුවන්නේ 2022 මැයි 6 හෝ ආසන්න දිනයකදීයි. එය ප්‍රසිද්ධියට පත් වූ නමුත් විනිසුරුවරියට බලපෑම් කිරීමට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ගයක් ගත් බවක් අපට වාර්තා වුයේ නැත.

    එම සිද්ධියෙන් පසු දෙවැනි සිදුවීම වාර්තා වන්නේ ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත හමුවේය. ඒ වසන්ත මුදලිගේ හා සම්බන්ධ නඩුවේදීය. මෙම නඩුවේ සැකකරුවන් වන ගල්වැව සිරිධම්ම හිමි හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අය පසුගිය නොවැම්බර් මස 17 හා 22 වන දිනවල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදී එම නඩුව කැඳවූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය කළ ප්‍රකාශ සම්බන්ධයෙන් හා ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් 4 දෙනෙකු විසින් පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට කරුණු දැක්වීය.

    ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්, සහකාර පොලිස් අධිකාරි වසන්ත රත්නායක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර ඇතුළු නිලධාරීන් සිවුදෙනෙකු විසින් පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලෙසට පොලිස්පතිවරයා ඉල්ලීමක් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දී තිබුණි.

    එම ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශවලට අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දා සැකකරුවන් අධිකරණය නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව “අපි හැමෝම වෙනුවෙන් ඔබලා අරගල කළේ ඒත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති නිසා ඇප ලබා දිය නොහැකි බව ත් පනතෙන් අපගේ අත් බැඳ ඇති අතර සැකකාර මේ හිමිනමට සිංහල බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය නම් එයට ඉඩ ලබා දෙන්න” යනුවෙන් ප්‍රකාශ කරමින් සැකකාර සිරිධම්ම හිමිට පස්පංගුව හා සස්ටජන් ලබාදීමට අධිකරණ නිලධාරියෙකු අතට රුපියල් 10,000ක මුදලක් ලබා දී ඇතැයි සඳහන් වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

    මෙහිදී දිලීප පිරිස් මහතා අධිකරණයේ ස්වාධීනත්වයට හානිවන ලෙස ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එනම්,

    ” මේ දිවුරුම් ප්‍රකාශ වලට අනුව මහේස්ත්‍රාත් තුමිය මීට මාස 2 කට කලින් නඩුව කැදවන අවස්ථාවේදී ඩෙංගු රෝගය සෑදී දුර්වලව සිටි සිරිධම්ම හිමිගේ සුවදුක් විමසා ඔහුට නිලධාරීන් ඉදිරියේ දීම සස්ටජන් ටිං එකක් ගෙනැල්ලා දීලා තියෙනවා.මේ නඩුව ඒ නිසා වෙන අධිකරණයක් වෙත මාරු කරන්න ඕන.නැත්තම් අපි මේ දිවුරුම් ප්‍රකාශ අධිකරණය සේවා කොමිසමට බාර දෙනවා”

    මෙහිදී විත්තිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන ලදී. නීතිපතිවරයාට නඩුවක් මාරු කිරීමට අවශ්‍ය නම් එය අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කළ යුතු අතර මෙලෙස කිරීම යහපත් දෙයක් නොවන බව ඔහු සදහන් කරන ලදී. එය අධිකරණය බිය වැද්දීමක් හා අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් කිරීමට උත්සාහයක් දැරීම ලෙසට සැලකිය හැකි බවද ඔහු සදහන් කළේය.

    මෙහිදී මහේස්ත්‍රාත්වරිය සදහන් කලේ,  මෙම නඩුවේ දෙවන සැකකරු වන සිරිධම්ම හිමි භික්ෂුවක් ලෙසට සලකා මානුෂීය චේතනාව පෙරදැරිව තමන් විසින් එම ක්‍රියාව කළද තමන් විසින් එම අවස්ථාවේ ප්‍රකාශ කරන ලද සියල්ල ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් ඉදිරිපිටදී ම ප්‍රකාශ කළ බවයි. එසේම සඳහන් නොකළ කරුණු ද මේ වන විට ප්‍රකාශ කිරීමෙන් තමන් වෙත ප්‍රශ්නයක් ඇති කිරීමට දරන උත්සාහය අනුමත නොකරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළා ය.

    ශ්‍රී රාවණා සටහන

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපර්තමේන්තුවට අවශ්‍ය ලෙස මෙසේ අධිකරණයට බලපෑම් කල නොහැක. එය එසේ වීම හෝ අධිකරණය දේශපාලනීකරණය වීමට ඉඩ නොතැබිය යුතුය. මහේස්ත්‍රාත්වරුන් ඇතුළු සියලුම අධිකරණ විනිසුරුවරුන්ට සියලුම සැකකරුවන් සාමාන්‍ය පුද්ගලයන්ය. සැකකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඔවුන් බැදී සිටි. එසේම ලෙඩෙක් තමන් ඉදිරියට ඉදිරිපත්කල විට ඊට අවශ්‍ය සියලුම දේ කිරීමට නිල වශයෙන් මෙන්ම මානුෂීය පදනම ඔස්සේද ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තිබේ. නමුත් දේශපාලන අවශ්‍යතාවන් ඉටුකරනා පොලිස් දෙපාර්තමේන්තුවට හෝ රාජ්‍ය නිලධාරීන්ට එය සෙල්ලමකි.

    නීතිපති වෙනුවෙන් කරුණු දැක් වූ දිලීප පිරිස් සදහන් කරන්නේ දිවුරුම් ප්‍රකාශවල සදහන් වන අකාරයටය. නමුත් පරීක්ෂණ නිලධාරීන්ගේ කටයුතුවලට සහ ඉල්ලීම්වලට අවශ්‍ය සහාය ලබා දීමට ඔහු නීතියෙන් බැදී සිටී. නමුත් අපරාධ නදුවිධාන සංග්‍රහයේ 9 (අ) වගන්තියට අනුව “… වැරදි පිලිබදව වූ සියලුම කාරණා හෝ අපරාධ නඩු ලඝු ආකාරයෙන් විභාග කිරීමට, නඩු විභාග කිරීමට, තීරණය කිරීමට සහ ඊට සුදුස්සක් කිරිමට් තීරණය කිරීමට සහ අධිකාරිය ඇති අතර එසේ කිරීමට මෙයින් නියම කරනු ලැබේ”… ලෙස සඳහන්ව තිබෙන අතර  අධිකරණයක් මාරු කිරීමට අවශ්‍ය නම් එය අකල යුත්තේ කෙසේද යන්නද එහි පනත තුල සදහන් වේ.

    එසේම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 70 සහ 71 වගන්තීන් වලින් පෙන්වා දෙනු ලබන්නේ අධිකරනාත්මකව කටයුතු කිරීමේදී සිදුවන කිසිවක් වරදක් නොවන බවය. එබැවින් මේ ආකාරයෙන් අධිකරණ කටුයුතුවලට නීතිවිරෝදී ලෙස මැදිහත්වීමට ඉඩ නොතැබිය යුතුය. පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර දූෂිත නිලධාරීන්ට ප්‍රජාතන්ත්‍රවාදය අවැසි නැති බව සත්‍යයකි. නමුත් දේශයට හිතැති මිනිසුන් තවමත් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේ අනාගත පරපුරක් වෙනුවෙනි.

    කෙසේ නමුත් මෙම සිද්ධියෙන් කියවෙන්නේ ත්‍රස්තවිමර්ශන පනත අවභාවිතා කරමින් දේශපාලන වුවමනාවන් ඉටුකරන නිලධාරීන් මෙරටට සාපයක්ව ඇති බවයි. ඔවුන්ට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවට අපරාධකරුන් බිහි කිරීමට ඉඩ නොතැබිය යුතුය. එබැවින් වසන්ත මුදලිගේලා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් දැන් කල යුත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්, සහකාර පොලිස් අධිකාරි වසන්ත රත්නායක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර ඇතුළු නිලධාරීන් සියලුම දෙනාගේ දිවුරුම් පෙත්සම් රැගෙන ඔවුන්ට විරුද්ධව සිවිල් නඩු පවරා සිරිධම්ම හිමිට සහ වසන්තට මිලියන ගණනාවක වන්දියක් අරන් දීමට කටයුතු කිරීමය.

    කඩුවෙල මහේස්ත්‍රාත්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි.
    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version