විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් , රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා සඳහන් කරන ලදී .
නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බවත් , ආර්ථික අර්බුදයේ දී විපක්ෂයේ දේශපාලඥයන් ආණ්ඩුවට සහයෝගය දැක්වූවා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකිව තිබූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .















































