English
සිංහල
14:36 අඟහරුවාදා, නොවැම්බර් 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විරුද්ධ පක්ෂයේ අයට අය වැය ගැන දැනුමක් නෑ. විරුද්ධ පක්ෂයෙන් ගිය මනූෂ කියයි

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් ඉලක්ක කරගත් මේ අයවැය සම්ප්‍රදායික දේශපාලනයේ හිරවුණු විරුද්ධ පක්ෂයේ අයට තේරෙන්නේ නෑ – අමාත්‍ය මනුෂ නානායක්කාර

    ජනප්‍රිය දේශපාලන තීන්දු නැති, තරුණයා ඉලක්ක කරගත්, සංවර්ධිත රාජ්‍යයක් බවට රට පත් කිරීමේ මූලික වැඩපිළිවෙල මෙම අයවැය තුළින් ඉදිරිපත් කෙරෙන බවත්, සම්ප්‍රදායික දේශපාලනයේ නියුතු විරුද්ධ පක්ෂයේ සමහරුන් එය නොතේරෙන බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

    ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවැති අය වැය පිළිබද දැනුම්වත් කිරීම සදහා වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

    රට වැටිලා තියෙන වෙලාවක රට ගොඩ නගන අය වැයක් තමයි මේ. මේක අය වැයකට එහා ගිය 2048 දී සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩපිලිවෙල මහ පොළොවේ තැන්පත් කරන වැඩපිළිවෙලක්.
    එහෙත් අය වැයකින් බලාපොරොත්තු වන සමෘද්ධිය වැඩි කිරීම, පාන් මිල අඩු කිරීම වැනි ජනප්‍රිය දේශපාලන තීන්දු නැති, තරුණයා ඉලක්ක කරගත්, සංවර්ධිත රාජ්‍යයක් බවට රට පත් කිරීමේ මූලික වැඩපිළිවෙල තමයි මේ.
    2048 දී රට සංවර්ධිත රටක් බවට පත්වනු දැකීමට කැමැති සියලුම මහජන මන්තීවරුන්ට මෙම වැඩපිළිවෙලට එක්වන්නැයි යෝජනා කරනවා. සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මේ අය වැය මගින් හදුන්වා දෙනවා.
    රටේ කම්කරුවාගේ ඵලදායිතාවය, ආයෝජනවල ඵලදායිතාවය, රටේ සම්පත් ඵලදායී ලෙස යොදා ගන්නවාද යන්න ගැන කටයුතු කිරීම සදහා ඵලදායීතා කොමිසමක් පත් කරනවා. ඒ මගින් රටේ සියලුම ව්‍යාපෘතීන්වල ඵලදායිතාවය අධීක්ෂණය කරනවා. රාජ්‍ය විසින් සිදුකරන සියලුම ආයෝජනවල ඵලදායිතාවය පිළිබදව සොයා බලනවා. මේ වැඩපිළිවෙල ඵලදායිතා කොමිසම හරහා ක්‍රියාත්මක කරනවා.
    යල් පැන ගිය කම්කරු නීතිවලින් ඵලදායිතාවයට, කාර්යක්ෂමතාවයට, තරගකාරීත්වයට කිසිදු සහායක් නෑ. නූතන වැඩ ලෝකයට ගැලපෙන්නේ නෑ. ව්‍යසායකයන්ට අනවශ්‍ය බරක් එමගින් ලබාදී තිබෙනවා. ඵලදායිතාවය මූලික කරගත් ක්‍රමවේදයකට යාමට මේ නීති මගින් බාධා පැමිණෙනවා. අපේ රටේ කම්කරු නීති බොහෝමයක් හදලා තියෙන්නේ දේශපාලනය පදනම් කරගෙන. ඒ නිසා ආයෝජකයාට හිතකර, කම්කරුවා ආරක්ෂා කරන ආකාරයට එක් කම්කරු නීතියක් හදනවා. කම්කරුවාගේ ආරක්ෂාව සහතික කරන අතරම ආයෝජකයන් දිරි ගැන්වීමට මේ හරහා කටයුතු කරනවා.
    පුද්ගලික අංශයේ කම්කරුවන් සදහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දෙනවා. ඒ අනුව කම්කරුවන්ගේ රැකියාව අහිමි වුනොත් මාස තුනක් දක්වා වැටුප් ලැබෙනවා. රෝගාබාධ ඇතිවූ විට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය දායකත්වය ලබාදෙනවා. ඒ වගේ ම සමාජ ආරක්ෂණයක් ලෙස අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.
    ඩිජිටල්කරණයට සහ තරුණයන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. විදේශ රැකියා සදහා ශ්‍රමිකයන් පුහුණු කරනවා. ලෝකයේ ශ්‍රම වෙ‍ෙළදපොලට ගැලපෙන පරිදි ශ්‍රමිකයන් බිහි කිරීම සදහා අධ්‍යාපනයේ වෙනස්කම් කරනවා. ඒ අතරම තෘතීය අධ්‍යාපනය හරහා දේශීය හා ලෝක වෙ‍ෙළදපොලට ගැලපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීමට කටයුතු කරනවා.
    සහනාධාර, යැපුම් මානසිකත්වය වෙනස් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදී තිබෙනවා. ආණ්ඩුව නැනී කෙනෙක් නොවනට බවට වන සංකල්පමය වෙනස අපි ක්‍රියාත්මක කරනවා.
    මේ අය වැයේදී තවත් මුදල් අච්චු ගහලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න තිබුණා. ලෝකයෙන් ණයට අරගෙන වැටුප් වැඩි කළා. පාරවල් හදන්න මුදල් වෙන් කළා. අපි මේ වරද තේරුම් අරගෙන තියෙනවා. ඒත් විපක්ෂයේ දේශපාලඥයන්ට අය වැය ලේඛනය තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. මේ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල ගැන කතා නොකර සාම්ප්‍රදායික දේශපාලනය කරන්න හදනවා. මේ අය වැය තේරුම් ගැනීමට විපක්ෂය කටයුතු කළ යුතුයි.
    මේ රජය ජනප්‍රියවාදී තීන්දු ගන්නේ නෑ. ජනතාවාදී තීන්දු විතරයි ගන්නේ. පටු දේශපාලනය වෙනුවෙන් සංදර්ශනාත්මක අය වැය ගේන්නේ නෑ. දේශපාලනික වශයෙන් අවාසිදායක තීන්දු බය නැතිව මේ ආණ්ඩුව අරගන්නවා. තාවකාලික අල්ලස් දීලා මේ රට ගොඩ ගන්න බැරි බව දශක ගණනාවක අත්දැකීම් සමග අපි අවබෝධ කරගෙන තියෙනවා.
    ලංකාවේ විදේශ ගත වන ශ්‍රමිකයන්ගෙන් සියයට 30ක් තමයි නුපුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ ගත වෙන්නේ. එළැඹෙන අප්‍රේල් 1 වැනිදායින් පසුව ගෘහ සේවිකාවන්ට එන්.වී.ක්‍යු සහතිකය හා දින තහළිස් පහක පුහුණුව අනිවාර්ය වෙනවා. විදේශ ගතවන ශ්‍රමිකයන් සදහා අවශ්‍ය පුහුණුව, වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ඵලදායී වූත්, දීර්ඝ කාලීන වූත් වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කරනවා.
    මෙතෙක් කල් අපේ රටට නොතිබුණ ශ්‍රම වෙළපොල සම්බන්ධයෙන් වන අධ්‍යයනය අපි කරනවා. මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය කරන පාඨමාලා යෝජනා කරනවා. එය වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන සියලු ආයතනවලට අපි දෙනවා. වෘත්තීය පුහුණු අමාත්‍යංශයත්, රට වටේ තියෙන පුහුණු ආයතනයත් එක් ව අලුත් ආකාරයට, ලෝකයට ගැලපෙන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version