ඊයේ(24) කොළඹ පැවති විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගැනුනු සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු කිහිපදෙනෙක් මාළිගාතකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව ඇප මත මුදා හැර ඇත.
ඔවුන් මෙසේ මුදාහරිනු ලැබුවේ රුපියල් ලක්ෂ 02 බැගින් වන ශරීර ඇප මත බව වාර්තා වේ.
විරෝධතාවය අතුරතුරදී මෙසේ විරෝධතාකරුවන් 82 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන්ගෙන් තිදෙනෙක් මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇත.
















































