විදුලි බිල වැඩිකිරීමට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර හිමිනමක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
කොළඹ – දිවුලපිටිය ප්‍ර ධාන මාර්ගයේ හොරගස්මුල්ල ප්‍රදේශයේ අද (01) උදෑසන සංවිධානය කර තිබූ විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබූ අතර එම විරෝධතාවය සංවිධානය කර තිබු විදුලි පාරිභෝගික සංගමයේ ලේකම්, සංජීව ධම්මික හා හිමිනමක් ඇතුළු තවත් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
	    	



























 
		    

















