මධ්‍යම නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා සඳහන් කර ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී පමණක් මහනුවර කලාපයේ කරන ලද වැටලීම් වලින් හෙරොයින්, අයිස් ගංජා වැනි මත්ද්‍රව්‍ය වැටලීම් නඩු 1845 ක් පවරා ඇති බවයි.
මහනුවර කලාපය තුළ පාසල් 287ක් ආවරණය වන පරිදි සමාජය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්විම සඳහා ක්‍රියා කල යුතු ආකාරය පිලිබදව දැනුවත් කිරීම් හා වැඩමුළු පැවැත්වූ බව ඒ මහතා සදහන් කර තිබේන අතර මේ ප්‍රකාශය කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ආරක්ෂක තත්ත්වය පිළිබදව කරුණු පැහැදිලි කරමින් බව වාර්තා වේ.














































