අද (08) සිට බස්නාහිර සහ නැගෙනහිර පළාත් තුළ ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙණ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර ඇත.
ඩෙංගු වාහක මදුරුවන් සහ මදුරු කීටයන් පිළිබඳව රටපුරා කරන ලද සමීක්ෂණ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරන්නේ.
මේ වන විට පවත්නා වැසිබර කාලගුණ තත්ත්වය නිසාවෙන් ඉදිරියේ දී ඩෙංගු රෝගීන් වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් මෙම ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.















































