වයස අවුරුදු 19ක තරුණයෙකුගේ මළ සිරුරක් පුත්තලම-නවගත්තේගම ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම ශාලාවේ තිබී හමුව ඇත.
එම තරුණයා විහාරස්ථාන ධර්ම ශාලාවේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී ඔහුගේ පියා විසින් සොයාගෙන ඇති අතර එම ස්ථානයේ අධික ලෙස රුධිරය වහනය වී තිබූ බවට පොලිසිය ප්‍රකාශ කළේය.
මොහු රාත්‍රියේ නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ පියා සහ ප්‍ර දේශවාසීන් එක්ව ඔහු පිළිබඳ සොයා බැලීමේ දී මෙසේ පන්සලේ ධර්ම ශාලාවේ ගෙල වැළලාගෙන සිටිනු පියාට හමුව තිබේ.
කෙසේ නමුත් මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් පුත්තලම අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ අතර විඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.