දළදා මාලිගාවේ හා සතර මහ දේවාලවල මෙන්ම පිටිසර දේවාලවල විදුලිබිල ආදියට මෙන්ම පෙරහැර මංගල්‍යයන්ට රජයෙන් මුදල් ලබාදිය යුතුයැයි මන්ත්‍රීවරු පිරිසක් අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලිමක් කර ඇතැයි දැනගන්නට ලැබුණු බවත් එසේ රජයෙන් සතපහක්වත් එම ස්ථානවලට නොදියයුතු බවත් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.
එසේ රජයෙන් මුදල් ලබා දෙන්නේනම් එම ස්ථානවලට ලැබෙන සියළු ආදායම් රජයට පවරා ගතයුතු යැයිද උන් වහන්සේ කියති.
මෙම සිද්ධස්ථානවලට විශාල වශයෙන් ආදායම් ලැබෙන බවත් ඒ ලැබෙන ආදායම්වලට කුමක් සිදුවන්නේදැයි කිසිවකු නොදන්නා බවත් උන් වහන්සේ කියති.
එසේම මෙම දේවාලවල මෙන්ම බොහො රජමහ විහාරවල ඉඩකඩම් බදු දිමෙන්ද විශාල ලෙස ආදායම් ලැබෙන බවත් ඒ සියලු ආදායම්වලින් මෙම ස්ථාන නඩත්තු කළ හැකි බවත් වනවාසි රාහුල හිමියෝ කියා සිටිති.
” මම මුල ඉඳලම මේ කාරණය කිව්වා.මේ සියලු ස්ථානවලට ලැබෙන ආදායම් එක අරමුදලකට ගතයුතුයි.ඊට පස්සේ ඒ ස්ථානවල නඩත්තුවට මෙන්ම ආදායම් නැති ස්ථානවල නඩත්තුවටත් ඒ මුදල් දිය යුතුයි.බොහෝ තැන්වල මම දන්නවා දේවාල පන්සල් ඉඩකඩම් ආදිය විකුණා තියෙනවා.ඒවා වෙන්න පුළුවන්ද?.ඒත් ගත්ත පියවරක් නැහැ.එහෙම තියෙද්දි ලයිට්බිල ගෙවාගන්න බැහැ කියලා සල්ලි ඉල්ලනවා. ඔය කොළඹ පැත්තේ දේවාලයකට ලැබෙන සල්ලිවලින් කෝටි දහයක් පොලියට දුන්නා කියලා පහුගිය කාලේ කතාවක් තිබුණා.මේ ආදායම් ගැන බෞද්ධ කොමසාරිස්ට ඉදිරිපත් කරන්නේ තනිකරම බොරු වාර්තා.මේ නිසා මේ ස්ථානවලට සතපහක්වත් ආණ්ඩුවෙන් නොදිය යුතුයි.එහෙම දෙනවානම් දුප්පත් ස්ථාන තෝරලා දිය යුතුයි.ඒ ඉල්ලිම කරපු මන්ත්‍රීවරුන්ට අවශ්‍යනම් ඒ අයගේ ආධාරයක් කළාට අපේ විරෝධයක් නැහැ.ආණ්ඩුවෙන් සල්ලි දෙන්න ඕනේනම් ඊට පෙර ඒ ස්ථානවලට ලැබෙන මුදල් ගැන වහාම පරික්ෂණයක් කළයුතු යැයිද” වනවාසි රාහුල හිමියෝ වැඩිදුරටත් පවසති.