වී තොග සහල් කිරීමේදී වැය කරන මුදල වැඩි කිරීමට තීරණය කළ බව භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. ඒ විදුලි ගාස්තු වැඩි වීමත් සමග වී තොග සහල් කිරීමෙදී දැරීමට සිදුවන පිරිවැය ඉහළ යාමෙන් බව සදහන් කරයි.
ඒ අනුව සුදු කැකුළු සහ රතු කැකුළු වී කිලෝවක් සහල් කිරීම සදහා වැය කළ රුපියල් 7 ක මුදල රුපියල් 8.75 ක් දක්වා ද , අඹන ලද සුදු නාඩු සහ රතු නාඩු කිලෝවක් සහල් කිරීම සදහා වැය කළ රුපියල් 9.50 ක මුදල රුපියල් 10.70 ක් දක්වා ද වී වල තෙතමනය 14% ට වඩා වැඩි 22% හෝ ඊට වඩා අඩු වී කිලෝවක් නිසි ප්‍රමිතියට වියළීම සදහා වැය වන වියදම උදෙසා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ගෙවූයේ රුපියල් 4.50 ක මුදල රුපියල් 4.75 දක්වා වැඩි කිරීමට තීරණය භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා තීරණය කළ බව වාර්තා වේ.














































