English
සිංහල
00:47 බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වෙඩික්කිනාරිමලේ බෞද්ධ පුදබිමට ශිව ලිංගයක් ආවේ කොහෙන්ද..

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වෙඩික්කිනාරිමලේ බෞද්ධ පුදබිම ශිව කෝවිලක් හැටියට දැන් සාකච්ඡාවට භාජනය වී තිබේ. එහෙත් එතන ක්‍රි.පූර්ව තෙවැනි සියවසේ ආරම්භ වූ බෞද්ධ පූජනීය භූමියක් බව එහි නටබුන් හා ශිලා ලේඛනවලින් ස්ථීරවම පැහැදිලි කළ හැකිය. කොහේදෝ තිබූ ශිව ලිංගයක් ගෙන ගොස් එහි තබා ශිව කෝවිලක් හැටියට සැලකීම බරපතළ වරදකි. මෙහි අප කළ ගවේෂණ තොරතුරුවලින් යථා තත්ත්වය පැහැදිලි කරගත හැකිවේ. මෙතන විතරක් නොව මේ ප්‍රදේශයේ සෑම පුද බිමක්ම වාගේ බෞද්ධ වෙහෙර විහාර කෝවිල් බවට පත්කරගෙන ඇති බව පැහැදිලි කරගත යුතු වේ.

    වවුනියා දිස්ත්‍රික්කයට අයත්ව පැවැති කොටසක් වෙන්කර මෑතකදී (1978) මුලතිව් නමින් අලුත් දිස්ත්‍රික්කයක් ඇතිකරන ලදී. මේ නව කොටස දෙමළ ජනයා පදිංචිව සිටින ගම්මාන විරල වශයෙන් ඇති වැඩි කොටසක් ඝන වනයෙන් වැසුණු අති දුෂ්කර ප්‍රදේශයක් වශයෙන් සැලකේ. රජයේ සේවකයකු හැරුණු විට දැන් මෙහි සිංහල ජනයාගේ ගැවසීමක් නැත. එසේ සිදුවීමට සුදුසු පරිසරයක් හෝ පහසුවක් හෝ නැත. 1964 වර්ෂයේ මෙන්ම 1973 වර්ෂයේද මේ ප්‍රදේශයේ පුරාවස්තු ගවේෂණවල යෙදුණු අපට එදා මුහුණ පාන්නට සිදුවූ දුෂ්කරතා ගැන සලකන විට ඒ ගමන් බිමන් අද සිහි කිරීමද බිය ගෙන දෙන්නකි.

    වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල පුරාවස්තු පිළිබඳ ප්‍රමාණවත් ගවේෂණ කවදාවත් කෙරී නැත. ඉදිරියට කෙරෙනු තබා කෙරෙන්නට යමක් ඉතිරිද නොවනු ඇත. පුරාවිද්‍යා නිලධාරියකු විසින් මෑතදී සකස් කරන ලද පුරාවස්තු සහිත තැන් දක්වන සිතියමක මේ දිස්ත්‍රික්ක දෙකේ ඇති වැදගත් තැන් 105 ලකුණු කර තිබේ. එහෙත් එය නිවැරදිම යැයි කීම අපහසුය. මක්නිසාද එයට එක්විය යුතු තැන් තවත් ඇති හෙයිනි. ඒ නමුත් ලකුණු කර ඇති ස්ථාන ගැන වුවද වැඩි තොරතුරක් දනගැනීමට පුළුවන්කමක් නැත. මුලතිව් දිස්ත්‍රික්කයේ ලිපි සහිත නටබුන් ස්ථාන අතුරින් ඉහළම කොටසට වන්නට පිහිටි පුද තැනක් ගැන සටහන් කිරීමට මින් අදහස් කරන්නේ මේ නිසාය.

    වෙඩික්කිනාරිමලේ පිහිටියේ මේල් පත්තුව අයත්වන පරිද්දෙනි. වවුනියා – යාපන මාර්ගයේ ඕමන්තයි හන්දියෙන් වැටී ඇති මාර්ගය මරයිලුප්පෙයි පසුකර කුලන්කුලම් හරහා නෙඩුන්කේනියට පිවිසේ. ඉන්පසු එය ඔඩ්ඩුසූඩාන් වෙතත්, මුලතින් වෙතත් ළඟාවිය හැකි මාර්ගවලට සම්බන්ධ වේ. නෙඩුන්කේනි මාර්ගයේ අරියමඩු නමැති දෙමළ ගම්මානයෙන් සැතපුම් දෙකහමාරක් පමණ වයඹ දිගින් මේ ස්ථානය පිහිටියේය. අඩි තුන්සියයක් පමණ උස් ගල් කඳු සහිත වනයෙන් වැසී ගිය මේ ස්ථානය කටු පඳුරුවලින්ද ගහණ වූයේය. කන්ද ආසන්නයේ නටබුන් වී ගිය වැව් කිහිපයක සලකුණු දක්නට ලැබේ. පැරණි ග්‍රාම නිර්මාණ රටාවේ හැටියට මේ වැව්වලින් පෝෂණය ලද ගම්හි ජනතාවගේ පූජනීය භූමි භාගය තෙල කඳු සහිත වන ගත පෙදෙස වූයේය. වැඩිකිනාරිමලය නමින් සමහරුන් උච්චාරණය කරන මේ ස්ථානයේ පැරණි නම එය නොවේ. එහෙත් පැරණි ව්‍යවහාරය තෝරා බේරා ගැනීමට එක එල්ලේ සාධක නැත. මේ ස්ථානය ගැන සටහන් කරන සමහරු එය පර්වතවාසී නාගයන්ගේ රාජධානිය වූ වඩ්ඩමාන පර්වතය බව පවසයි. මේ ප්‍රදේශය නාගයන්ගේ ප්‍රදේශය බවට නොයෙක් සාධක දක්නට ලැබෙන බව මේ අයගේ අදහසයි.

    කෙසේ වෙතත් වෙඩික්කිනාරිමලය යන ද්‍රවිඩ වචනයේ ‘වඩ්ඩමාන’ ශබ්දධ්වනය ගැබ්ව ඇතැයි කිව හැකි බවද මෙහිලා අමතක කළ යුතු නැත. මේ කඳු ගැටයේ එක පැත්තකින් මුදුනට නැගිය හැකි මගක් තිබී ඇත. එහි ශේෂ තැන තැන සුළු වශයෙන් දක්නට ලැබේ. මෙය අම්පාර දිශාවේ වෙහෙරගල්කන්ද හෙවත් පුළුකුණාව කන්දට නැගීමට සාදා තිබූ මාර්ගය වැන්නකි. කන්දේ පර්වතය මත ස්තූප දෙකක ශේෂ අපට හමුවිය. පළමුවැන්න උස අඩි 11 කි. වට අඩි 46 කි. දෙවැන්න උස අඩි 6 කි. වට අඩි 21 කි. විශාල ස්තූප දෙක නිදන් හොරුන් විනාශ කිරීමත්, වර්ෂාවට සේදීමත් නිසා මෙසේ ගෙවී ගොස් ඇති බව පෙනේ. ස්තූපවල ගඩොළු සෑම තැනම විසිරී ඇත.

    පර්වතයේ පසෙක පාද ලාංඡන ශිලාවක් තිබේ. එහි සිරිපතුල් සටහන් බොහෝ දුරට ගෙවී ගොස් ඇත. මෙබඳු වර්ගයේ ශිලා ඵලක තව හතක්වත් තිබිය යුතු වුවත්, ඒවා නැතිවී තිබෙන බව පෙනේ. 1964 දී තිබූ මුලින් කී ශිලාව 1973 දී දකින්නට නොලැබුණි. මේ හැර තවත් ගොඩනැගිලි ගණනාවක් අත්තිවාරම් හා වෙනත් ශේෂ රැසක් මෙහි ඇත. ඒවා සමහරවිට බුදු මැදුරු, ප්‍රධානඝරය වැනි ඒවායේ නටබුන් විය යුතුය. මේ සුන්බුන් අතර තිබී බුදු පිළිමයක සිවුරු රැලි කොටසක් සේ සැලකිය හැකි ගල් කැබැල්ලක් මට හමුවිය. මේ හැරෙන විට කන්දේ ලෙන් කීපයක් ඇත. මේවාට යාම දුෂ්කර වෙයි. ලෙන් කටාරම් කොටා මහා සඟනට පුදා ඇති අතර ඒවායේ බිත්ති ශේෂ හා ලෙන් බිතේ තවරන ලද බදාමවල කොටස් තැන තැන රැකී තිබේ. මේවා දැන් වල් සතුන්ගේ වාසභවන වන නමුත් අතීතයේ මහා සංඝයා වහන්සේ සිය ගණනින් වැඩ විසූ ශුද්ධ ස්ථාන වේ. මේ ලෙන්වලින් තුනක පමණ බ්‍රාහ්මී ලිපි පිහිටුවා තිබේ. ඒවා රා:ව:පූ: දෙවැනි සියවසේ මුල් භාගයට අයත් අක්ෂරවලින් කොටා තිබීම නිසා ස්ථානයේ ආරම්භය එතරම්ම අතීතයට යයි. එම ලිපිය මෙසේ.

    1. මහ ශුමුද පුත ශුතශ ලෙනෙ ශගශ පරුමක බමදත පුත මහ ගුතහ ලෙණේ.

    මහා සමුද්‍රගේ පුත්‍ර ගුතගේ ලෙනෙ සංඝයාටය. ප්‍රමුඛ බමදතගේ පුත්‍ර මහගුතගේ ලෙණයි.

    2. බත වුඩ් තිශහ ලෙනෙ

    ස්වාමි චුලතිශගේ ලෙනයි.

    3. පරුමක පූශමිත ප්‍රතශ මහ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ

    ප්‍රමුඛ පූශමිතගේ පුත්‍රයාගේ මහලෙන පැමිණි නොපැමිණි සිවු දිග සංඝයාටය.

    මේ ලිපිවල කියැවෙන මහා ශමුදගුත, බමදිත, චූඩිතිශ ප්‍රශමිත වැනි දායකයන් රා:ව:පූ: යුගයේ මුලතිව් දිශාවේ සිටි ආර්ය සිංහල බෞද්ධයෝ වෙති. මෙහි එකද දෙමළ නාමයක ගෑවීමක් නැත. බ්‍රහ්මදත්ත (බමදත) නම ඉතා වැදගත් බෞද්ධ නමකි. රිටිගල ලිපියක එන මහාමාත්‍ය බ්‍රහ්මදත්තද අපට මෙහිදී සිහිපත් වෙයි. මුලතිව් ප්‍රදේශයේ රා:ව:පූ: යුගයේ සිටම සම්පූර්ණ සිංහල බෞද්ධ ජනයා පදිංචිව සිටියේය. ඔවුන් විවිධ බෞද්ධ ආරාම ඉදි කළහ. සෙල්ලිපි පිහිට වූහ. මෙය කිසිවකුට එසේ නොවෙතැයි කිව නොහැකිය.

    වැඩික්කිනාරිමලයට යෑමට අපට මග පෙන්වන්නකු සොයා ගැනීමට සිදුවූ අවස්ථාවේ වයසක දෙමළ මනුෂ්‍යයකු එයට ඉදිරිපත් විය. ඔහු ඒ ප්‍රදේශයේම අයකු නුවූවත් සෑම තොරතුරක්ම දන්නා අයෙකි. ඔහු කී වචනවල පරිවර්තනය මෙසේය.

    ‘‘මෙහි ඉස්සර සිංහල මිනිස්සු පදිංචි වෙලා ඉඳලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා හුඟක් මෙතන හිටිය බව පේනවා. දැන් නම් මෙහාට ස්වාමීන් වහන්සේලා එන්නෙම නෑ’’ ඔහු දන්නා හැටියට මේ ප්‍රදේශයේ තවත් බොහෝ පුරාවස්තු සහිත ස්ථාන තිබේ. ඒ එදාය. දැන් ඒ සියල්ල අපට අහිමියි.

    පුරාවිද්‍යා චක්‍රවර්තී, ආචාර්ය

    එල්ලාවල මෙධානන්ද නාහිමි

    ( සතිඅග අරුණ )

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version