අද (24) දින උදෑසන හබරාඳුව ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදුකරනු ලැබූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.
වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයා සිය බිරිඳ සමග ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














































