වෙඩි තැබීමකින් මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (20) රාත්‍රියේ අදාළ වෙඩි තැබීම සිදුව ඇත්තේ මිදිගම පොලිස් වසමේ තුර්කි ගම්මානයේ දී එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 46 හැවිරිදි පුද්ගලයා වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ වන විට වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බවත් පොලිසිය ප්‍රකාශ කරයි.