කල්පිටිය කන්දකුලිය කුඩාව වෙරළට අද (11) දින තල්මසුන් 14 දෙනෙකු ගොඩ ගසා ඇත. එම තල්මසුන් නැවතත් මුහුදට දැමීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
නමුත් එම තල්මසුන්ගෙන් 3 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ. සෙසු තල්මසුන් මුහුදට දැමූවද නැවත වෙරළට එන බව නාවික හමුදාව පවසයි
දොඩන්දූව ධීවර වරාය ආසන්න මුහුදේ දී ධීවර යාත්‍රාවක් තල්මසෙකුගේ ගැටීමෙන් යාත්‍රාවේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇත , තවද අනතුරෙන් යාත්‍රාවටද දැඩි ලෙස හානි වී තිබෙන බව වාර්තා වේ.














































