බිත්තර ආහාරයට ගත් පසු ශරීරයේ වර්ධනයට වැදගත් වූ ක්‍රෝලින් අම්ලය හිමිවන නමුදු බිත්තරයේ මිල දවසින් දවස වැඩිවීමත් සමග බිත්තර මිළදී ගැනීමට නොහැකි තත්වයක් රට තුල උද්ගත වෙමින් පවතී.මේ පිළිබඳව බිත්තර වෙළද සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් බිත්තර මාපියාව පිළිබඳව කරුණු රැසක් හෙලිදරව් කරන ලදි.
ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා බිත්තර මිළදී ගැනීමට පැමිණි පුද්ගලයකුට පවසා සිටින්නේ තමාගේ ගබඩාව තුල බිත්තර 60000ක ප්‍රමාණයක් ඇති බවත් ඒවා තොග වශයෙන් ලබා දීමට සූදානම් කර ඇති හෙයින් බිත්තර 260ක ප්‍රමාණයක් ලබා දීමට නොහැකි බව පැවසීමෙන් බිත්තර ගබඩාව සීල් තැබූ බවද මෙලෙස උපක්‍රමශීලී ලෙස ගබඩාව වටලන්නට පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ ප්‍රධානියා හට නලින් ප්‍රනාන්දු ඇමතිගේ සෘජු අණ මෙන්ම ජන්මාන්තර වෛරයක්ද පිරිමසා ගැනිමට මෙය අවස්ථාවක් කර ගත් බව ඇන්ටන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
එමෙන්ම ඇන්ටන්ගේ බිත්තර ගබඩාව සීල් තැබුවේ පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන බව පවසමිනි .නමුත් රුපියල් 47ක මුදලට 58gක බිත්තරයක් ලබා දෙන බව ඉතා ව්ශ්වාසයෙන් යුතුව හෙලිදරව් කරන බවද නලින් ප්‍රනාන්දු ඇමති පමණ ඉක්මවා හතුරුකම් කිරීමට සූදානම් වුවහොත් ඔහුගේ පැට්කිරියම හෙලි කරන බවද ඇන්ටන් මහතා ප්‍රකාශ කර සිටි.
තවදුරටත් ඇන්ටන් පවසා සිටින්නේ වාණිජ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් බිත්තර නැව් 20ක් ගෙන්වා ඇති බවද එනම් එක් බිත්තරයක් ඉන්දීය මුදලින් රුපියල් 3.72ක්ද එය ලංකා මුදලින් රුපියල් 16.00 ක් වුවද ඔවුන් එහි වටිනාකම රුපියල් 30.00 ක් ලෙස සදහන් කරමින් එතනම කෝටි 9ක් ගසා කන බව ඇන්ටන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
ඇන්ටන් අවසන් වශයෙන් ප්‍රකාශ කර සිටින්නේ බිත්තරය තුල විශාල මාපියාවක් සිදු වන බවද එක බිත්තරයක් වෙනුවෙන් 4 දෙනෙකු සටන් කරන බවත්ය.තවද නලීන්ගේ ප්‍රධාන පරමාර්ථය තමා සිරගෙට යැවිම බවත් මෙවර ගබඩාව සීල් කර පැය 24ක් යන්නට මත්තෙන් සීල් කඩා දැමූ බැවින් ඔහුගේ බලාපොරොත්තු සුන් වූ බවත්ය.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත වීඩියෝව නරඹන්න.















































