බෙල්ලන්විල ,වේරැස් ගග ආෂ්‍රිතව සිටින කිඹුලන් ආහාර සොයා මාර්ගවලට පැමිණීමට පුරුදුව සිටින බැවින් ජනතාව භීතියෙන් පසුවන බව වාර්තා වේ.
මෙම කිඹුලන් ඇළ මාර්ග ඔස්සේ තදාසන්න ප්‍රදේශවලට පැමිණෙන බවට ජනතාව ප්‍රකාශ කර තිබේ.
වේරැස් ගග ආශිතව කිඹුල් ගහනයේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර මේ නිසා බල්ලන් ,බළලුන් කිඹුලන්ගේ ගොදුරු බවට පත් වී ඇති බව සදහන්.














































