ජනතාවගේ හඩට ඇහුන් කන් දෙමින් වෛද්‍යවරු පිරිසක් සාමාන්‍ය ජනතාව සමග අද ඉන්ධන පෝලිමක සිටී. මේ වන විටත් ඔවුන් එසේ රැදී සිටින අතර ඒ ගොඩකවෙල ප්‍රදේශයේය.
ගොඩකවෙල, පල්ලේබැද්ද, සහ ඒ අවට ඇති රන්වල., ගල්පාය ආදී ප්‍රදේශවල ඇති ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය මෙසේ ගොඩකවෙල නගරයේ ඉන්ධන පෝලිමක කිලෝ මිටරයක් පමණ දුරක තම වාහන සහ යතුරු පැදි තබාගෙන සිටී.
එසේම එම ප්‍රදේශවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලටද සේවයට පැමිණීමට නොහැකිව තිබේ. ඒ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන නොමැති වීම මෙන්ම සමහර ප්‍රදේශවල ප්‍රධාන මාර්ගයට පැමිණීමටත් කිලෝ මීටර් 5 – 10 දුර පැමිණිය යුතුය.

ජනතාවට බෙහෙත් අවශ්‍ය නැතිනම් වෛද්‍යවරුන්ටද ඉන්ධන පෝලිමේ රැදී සිටිය හැකි බව මනාව පෙන්වා දෙන ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන නොමැති වීමෙන් සියලුම රෝගීන් මෙන්ම විවිධ සායන සදහා පැමිණෙන රෝගී ජනතාවට සේවය කිරීමට නොහැකි වන බැවින් ඔවුන්ට කරදරයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට කටයුතු සලසා දෙන ලෙසයි. ජනතාව එයට අකමැති නම් තමන්ටද පෝලිමේ සිට ඉන්ධන ලබා ගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
අපද පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි අයුරින් අප ඉදිරියට යමු. වෛද්‍යවරුන්ගේ සේවය අත්‍යාවශ්‍යම බැවින් ඔවුන්ට ඉන්ධන ලබා ගැනීමට හැකි උපරිම සහයෝගය ලබා දෙමු ලෙසයි.
එසේම, මේ වන විටත් දූෂිතම අමාත්‍යාංශයක් බවට පත්ව තිබෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේඛම් ඇතුළු අනෙකුත් ප්‍රධානීන්ට ජනතාවගේ ප්‍රශ්න අවශ්‍ය නැතිබවද, අප මීට පෙරද පෙන්වා දී තිබෙන අතර ඩොලර් නැති අස්සේ අමාත්‍යංශ ප්‍රධානින් 5 ස් දෙනෙකු විදේශ සංචාරවල නිරත විය. එයින්ම පැහැදිලි වුයේ මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ හැසිරීම ව්‍යාපාරිකයන් සේ වන බවය. එසේම අප මීට පෙර වාර්තා කර තිබෙන ආකාරයට සෞඛ්‍ය බලධාරීන් දූෂිත නම් ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතිය ගැන අබමල් රේණුවකවත් තරම් හැගීමක් නොදැනෙන බවයි.
වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය ආරක්ෂාකර ගනිමින් ඔවුන්ට පහසුකම් දියයුත්තේ සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා වේ.














































