English
සිංහල
05:01 බදාදා, නොවැම්බර් 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වෛද්‍ය පීඨ සිසුන්ට කළ පහරදීම සහ අත්අඩංගුවට ගැනීම දෙමාපියන් හෙලා දකී.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සහ වෛද්‍ය අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් පෙරට ආ වෛද්‍ය සිසුන්ගේ සාමකාමී උද්ඝෝෂණයට කළ පහරදීම කඳුළු ගෑස් ප්‍රහාරය සහ අත්අඩංගුවට ගැනීම වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් වශයෙන් තරයේ පිළිකුල් සහගත ලෙස හෙළා දකිමු

    මෙරට නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීම වෙනුවෙන් පසුගිය කාලය පුරා ජීවිතය පූජා කළ තරුණ වෛද්‍ය සිසුන් ආදර්ශයට ගනිමින් වත්මන් වෛද්‍ය ශිෂ්‍ය පරපුර එය මහජනතාව වෙත රැගෙන යාමට සහ රටේ වත්මන් පාලකයන් වෙත දැන්වීම සඳහා සාමකාමී ක්‍රියාමාර්ග ගනිමින් ඇත

    එසේ තමන්ගේ සුන්දර ජීවිතය පූජා කරමින් මේ රටේ සෞඛ්‍ය සේවාව රැක ගැනීමට කටයුතු කළ උගත් වෛද්‍ය සිසුන් නොවන්නට අද අප රටේ සෞඛ්‍ය සේවාව ඉන්දියාවටත් පහළ තැනක තිබෙනු ඇත

    සෞඛ්‍ය දර්ශක අතින් අපි බලගතු ඉන්දියාවට වඩා දර්ශක 70කින් පමණ ඉදිරියෙන් සිටින බව මේ රටේ බොහෝ පිරිසකට අමතකව ඇත .

    ඔවුන් නොදැනුවත්ම වෛද්‍ය සිසුන් කරන සාමකාමී උද්ඝෝෂණ ගරහාවට ලක්කරමින් අත් අඩංගුවට ගනිමින් කරන්නේ තමන්ගේ පමණක් නොව සමස්ථ ජාතියේම වල කපා ගැනීමක් බව ඔවුන් දන්නේ නැත.

    එසේ ජීවිත පූජා කරමින් රැකගෙන ආ සෞඛ්‍ය දර්ශක හේතුවෙන් මෙරට වෛද්‍ය සභාව ලෝක වෛද්‍ය සභාවේ ඉහළ පිළිගැනීමට ලක්ව එහි අනුමැතිය ලබා ඇත.

    එම හේතුව නිසාම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්ණායක අනුව සබරගමුව මොරටුව සහ වයඹ වෛද්‍ය පීඨ එම දර්ශක වලට අයත් නොවන බැවින් එම වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නා සිසුන්ට මෙන්ම මෑතකදී සිසුන් ඇතුලත් කරන ලද ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයේ සිසුන් ට ද ඔවුන්ගේ උපාධිය පිළිගැනීමට ලක් වීමට හැකියාවක් නොමැති පසුබිමක පවතී.

    කැබිනට් පත්‍රිකා මගින් අනුමත කළ සහ මෙරට ජාතික ධනය මගින් ස්ථාපිත කළ වයඹ සබරගමුව මොරටුව සහ වත්මන් ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨවල පහසුකම් සහ අවශ්‍ය නිර්නායක සපුරා එයට ඇතුළත් වී මෙරට සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන උගත් පිරිසකගේ අනාගතය සුරැකීම පසෙක තබා තිබේ.

    මෙරට ඇතැම් තානාපති කාර්යාල විශේෂයෙන් බංගලාදේශ සහ පකිස්ථානය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශ නොමැති සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පිළිනොගත් වෙනත් රටවල තිබෙන වෛද්‍ය පීඨ පිළිගැනීමට කැබිනට් පත්‍රිකා දමන අපේ රටේ කැබිනට් මණ්ඩලය රටේ කාර්යය නිම කරනු වෙනුවට විදේශීය වුවමනාවන් ඉටු කිරීමට කටයුතු කිරීම විහිලු සහගත කරුණකි .

    රජයේ වෛද්‍ය පීඨ සිසුන්ට අයත් විය යුතු නිසි ප්‍රමිතිය ආරක්ෂා කරනු ලැබූ වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරමින් පෞද්ගලික මුදලාලිලාට රිසිසේ මුදල් හම්බ කර ගැනීම සඳහා සහ තවත් පිරිසක් අනාථ කිරීම සඳහා රජයේ වෛද්‍ය පීඨ සිසුන් ප්‍රයෝජනයට ගන්නා රෝහල් පහසුකම් ද ලබා දෙමින් එම සිසුන්ගේ සායනික පුහුණුව ද විනාශ කිරීමට කටයුතු කිරීමට එරෙහිව ද මෙරට වෛද්‍ය සිසුන් කටයුතු කරමින් ඇති පසුබිමක මෙරට නිදහස් සෞඛ්‍යය සේවය භුක්ති විඳින සියලු දෙනා විසින්ම එය තමන්ගේ ලෙස ආරක්ෂා කළ යුතුව ඇත එය වෛද්‍ය සිසුන්ගේ පමණක් කාර්යභාරයක් නොවේ .

    ඒය ආරක්ෂක කිරීමට කටයුතු කරන වෛද්‍ය සිසුන් තලා පෙළා අත් අඩංගුවට ගනිමින් ඔවුන් මර්දනය කිරීමට කටයුතු කිරීම තමන්ගේ වල කපා ගැනීමක් බව බොහෝ දෙනා දන්නේ නැත වැටහෙන විට නැව ගොස් හමාරය .

    මේ රටේ සියල්ල විනාශව ගොස් ඇත තවදුරටත් එය විනාශ කරමින් පවතී අනාගත පරපුර සතු ජාතික සම්පත් ද විනාශ කරමින් ඇත විකුණමින් ඇත
    එසේ කරමින් මෙතෙක් කල් අසීරුවෙන් රැකගෙන ආ නිදහස් අධ්‍යාපනය පමණක් නොව එය හා බැඳී පවතින නිදහස් සෞඛ්‍ය සේවය ද විනාශ කරමින් මේ රට ලෝකයේ තවත් දුෂ්කර දුක්ඛිත තත්වයකට පත් පත්කිරීමට අන්තර්ජාතික සහ මේ රටේ කූඨ දේශපාලන ව්‍යාපාරික පැලැන්තිය උවමනාවන් මත කටයුතු කරමින්
    තමන්ගේ පරපුර රැක ගැනීම පමණක් වෙනුවෙන් රටේ නිදහස් සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය ද විනාශ කරමින් ඇත.

    වෛද්‍ය පීඨ වලට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරමින් අවශ්‍ය ගුරුවරු සහ කාර්යමණ්ඩල ලබාදෙමින් මෙරට සෞඛ්‍ය සේවය තව දුරටත් ඉහල දමා ලෝකයේ වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් කිරීමට මේ රටේ මහජනතාවගේ බදු මුදල් පාවිච්චි කිරීම වෙනුවට එය මුදලාලි කරණය කර රට විනාස කිරීමට කටයුතු කිරිම ශෝචනීය තත්ත්වයක් බව කිව යුතුව ඇත

    මේ රටේ මහජනතාව වඩාත් සාක්ෂරතාවෙන් ඉහළ ජනතාවක් වන අතර පාලකයන් හට ඉදිරි මැතිවරණ වලදී එය දැකබලා ගැනීමට හැකිවනු ඇත .

    2015දී සහ 2019 දී ඔවුන් අත්විඳි ඇතත් පාඩමක් ඉගෙන ගත් බවක් පෙනෙන්නට නොමැත

    නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහිව මේ රටේ මහජනතාව අකමැති බව පසුගිය කාලයේ මැතිවරණ මගින් මනාව පැහැදිලි කර ඇත

    දේශපාලනඥයින් ප්‍රතිකාර ගැනීමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොමැති සිංගප්පුරුවට යනු ඇත

    රජයේ සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 550ක් පමණ වෛද්‍ය පීඨ තිබෙන ඉන්දියාවේ වාර්ෂිකව සිසුන් විසි දහසක් පමණ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම සඳහා විදේශයන් කරා යන ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය තිබේ නම් අන්තර්ජාතික පිළිගැනීමට ලක් වේ නම් සිසුන් එසේ පිටරට යන්නේ නැත

    විදේශයන්හි තිබෙන වෛද්‍ය පීඨ පිළිගැනීමට ලක් කළාක් මෙන් මේ රටේ තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිනොගත් වෛද්‍ය පීඨ 3 ක් කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රිකා මගින් අනාගතේදී අනුමත කළහොත් එයද අප පුදුම විය යුතු නැත

    එසේම අපේ රටේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් එවක විමර්ශනයට ලක් කර ප්‍රතිඵල සමීක්ෂණය කර බඳවාගත් යැයි පැවසූ මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය සහ නියාමනය කෙසේද යන්න රජයේ පුවත්පතක් ම පැවැත් වූ ආකාරය ද මෙහි දක්වා ඇත

    අවි ආයුධ රහිත සාමකාමී පෙළපාලියකට සහභාගී වූ වෛද්‍ය සිසුන් මර්දනය කිරීම සඳහා පොලීසියට අමතරව සන්නද්ධ හමුදා සෙබළුන් යෙදවීමට රටේ හදිසි නීති තත්ත්වයක් නොමැති අවස්ථාවක කටයුතු කළේ ඇයි ද යන්න ද බරපතල ප්‍රශ්නයකි

    පුරා වසර හැත්තෑ හතරකට ආසන්න කාලයක් මැතිවරණ කාලවලදී සුරංගනා කතා කියමින් අනතුරුව බලය ලබාගෙන මේ රට සූරා කමින් විජාතික රණය කරමින් තක්කඩි කූඨ දේශපාලනඥයින් සහ තක්කඩි ව්‍යාපාරිකයන් හට මේ රට නැවත නැවතත් සූරා කමින් විකුණමින් මේ රටේ සෞඛ්‍ය සේවය බිලිදීමට ජනතාව සූදානම් නැත

    (වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version