මේ දිනවල උගුරේ වේදනාව , උණ , කැස්ස වැනි රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන වෛරස් රෝගී තත්ත්වයක් ළමුන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
පසුගිය වසරේ මුල් මාස දෙක තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,435ක් වුවත් මෙම වසරේ ගත වූ මාස දෙක තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,496ක් බවත් එය වාර්තා සහගත වැඩි වීමක් බවත් අවට පරිසරය පිළිබද සැලකිලිමත් වෙමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දමන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි .














































