හඟුරන්කෙත – පිලපිටිය ප්‍රදේශයේ ඇලකට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (25) හඟුරන්කෙත පොලීසියට ලද තොරතුරක් මත සිඳු කළ විමර්ශනයක දී මළ සිරුර සොයා ගෙන ඇති අතර මරණකරු පසුගිය 24 වනදා රාත්‍රියේ ඔහුගේ සහෝදරියගේ නිවසට යන අතරතුරේදී මෙසේ ඇලට වැටී ඇති බව සිඳු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්.
මරණකරු 58 හැවිරිදි හඟුරන්කෙත – පිලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සිඳු කළ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු හඟුරන්කෙත පොලීය විසින් සිඳු කරන බව වාර්තා කරයි.














































