ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් ඊයේ (12) ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී ආරම්භ වූ බව වාර්තා වේ .
ඒ අනුව වයඹ පළාතේ පමණක් ශ්‍රවණාබාධිත පුද්ගලයින් 77000 ක් සිටින බවත් , පසුගිය කාලයේ ඔවුන් හට නීත්‍යානුකූල බලපත්‍ර ලබා නොදුන් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කරන ලදී.
එමෙන්ම ඔහු ප්‍රකාශ කර සිටියේ ලෝකයේ අනෙකුත් රටවල මෙවැනි විශේෂතා ඇති පුද්ගලයින් කෙරෙහි සුවිශේෂී සැලකිල්ලක් දක්වන බවත් , ජාත්‍යන්තරව බලපැවැත්වෙන පරිදි මෙම බලපත්‍රය ලබා දෙන බවත් ය.
තවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා බලපත්‍ර ලබා දීමේදී යතුරුපැදිකරුවෙක් නම් ආරක්ෂිත හිස්වැසුමේ සහ ජැකට් එක පිටුපස සුවිශේෂී ස්ටිකර් එකක් අලවා ගත යුතු බවත් , මෝටර් රථ වල බාහිරට පෙනෙන ලෙස ඉදිරියට හා පිටුපසට ස්ටිකර් එකක් අලවා ගත යුතු බවත් ය.














































