English
සිංහල
10:17 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී රාවණා ලංකා නිව්ස් පිටු පස පාඨලී. විජේදාසටත් චෝදනා

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp


    යුක්තියේ මෙහෙයුමට විවේචන එල්ලකරන පාඨලී චම්පික රණවක මහතා, ශ්‍රී රාවණා ලංකා පුවත් ආයතනය සහ අජිත් ධර්මපාල මහතා පසුපසින් සිටින බවත්, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුතාගේ නීතී සමාගම කුඩු පතාකයන්ගේ නඩු කතාකරන බවද කීර්ති රත්නායනක නැමැත්තෙක් ප්‍රකාශ කරයි.


    ඔහු මේ බව ඔහුගේ මුහුණු පොතේ සටහනක් මගින් කියා තිබෙන අතර එම සටහන ගැන හෝ, ඔහු අපට එරෙහිව කරන ප්‍රකාශය ගැන හෝ පිළිතුරු ලබා දීමට අපට අවශ්‍යතාවයක් නැති නමුත් ශ්‍රී රාවණා ලංකා නමින් වෙනත් මාධ්‍ය ආයතනයක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර, පිළිගත් නීති රාමුවක සිට වැඩකරන වෙනත් ආයතනයක් නැත. එබැවින් විවිධ දේශපාලන නායකයන්ට අවශ්‍ය ලෙස අප කඩේ යන බව සඳහන් කල කීර්ති රත්නායක යන අයගේ නුගත් ප්‍රකාශය තරයේ හෙළා දකිමු


    හමුදා නිලධාරීන්ගෙන් බහුතරයක් දෙනා නීතිය, සමාජ ක්‍රම හෝ ඒවා පවත්වාගෙන යන ආකාරය පිළිබඳව නොදන්නා බව නොරහසකි. ඒවා වෙනමම ඉගෙන ගත යුතුය. කීර්ති ගුවන් හමුදාවේ සිට මේ දක්වා ගොඩනගා ගත් චරිත විස්තරයක් තිබේ. එම චරිත විස්තරය කීර්තිටත් වඩා හොඳට අපගේ ආයතන හිමිකරු දැනගෙන සිටී. කීර්තිද යම් දෙයක් සමාජගත කිරීමට උත්සාහ කරමින් සිටී. එය හොඳය. නමුත් වැරදි දෙයක් සමාජගත කිරීමට උත්සාහ කිරීම වැරදිය.


    එසේම කීර්ති රත්නායනකට සිංහල කියවීමට හැකි නම් අප පලකර තිබෙන වාර්ථා කිහිපයකම හොඳ සහ නරක යන දෙකම පලකර තිබෙන බව කියවිය හැකිය. ඔහුට සිංහල බැරි නම් අප ඉංග්‍රීසි භාෂාවෙන්ද පලකර තිබේ. එසේම අප ලියන සෑම වැදගත් ලිපියක්ම ලියා තියෙන්නෙ අපේ ක්‍රමයට නොව, ලෝකයේ සම්මත විද්‍යාත්මක ක්‍රමයන් වලට අනුවය. කිසිම ලිපියක කිසිම පුද්ගලයෙක් ගැන වැරදි ලියා නැත. යම් හෙයකින් වරදක් ලියවී තිබේ නම්, ඒවා වඩාත්ම ඉහලින්ම ලියා නිවැරදි කිරීමටත්, ප්‍රසිද්ද කිරීමටත් අප කටයුතු කරන්නේය.


    එසේම ඇමති ටිරාන්ගේද හොඳ වැඩ හොඳ ලෙසටද අප සටහන් කර තිබේ. ඔහු ඊයේ (5) ඉතාම හොඳ වැඩක් කලේය. අප එයද ඒ ආකාරයෙන්ම කලේය. හොද දේ සහ නරක දේ ඒ ආකාරයෙන්ම ලිවීමට කටයුතු කරන අප, කිසිවෙකුටත් කඩේ යන්නේ නැත. අපගේ ලිපිවලින් හිත රිදෙන දේ දෙස අවදානය යොමුකරන්නේ නම්, කිසිම පුද්ගලයෙකු අමාරුවේ වැටෙන්නේ නැත.


    තවද අප පාඨලී චම්පික රණවක මහතා සමග කිසිදු සම්බන්ධයක් නැත. අප ස්වාධීන මාධ්‍ය ආයතනයක් ලෙස රටේ සිටින සියළුම දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් සමග සමීපව වැඩ කරන අතර ඔවුන්ගේ වැරදිද ඒ ආකාරයෙන්ම පලකිරීමට අප කටයුතු කර තිබේ. කෙසේ නමුත් කීර්තිගේ මෙම සටහනත් සමගම අප පාඨලීගෙන් සාකච්ඡාවක්ද ඉල්ලා තිබේ. අප කටයුතු කරන්නේ වැසියන් වෙනුවෙනි. රනිල්, සජිත්, අනුර, නාමල් හෝ පමණක් නොව රටින් පලාගිය ජනාධිපතිවරයා පවා අපට මිනිසුන්‍ වේ. ඔවුන් ඔනෑම කෙනෙකු වෙනුවෙන් අප හොද සහ නරක ලියන්නේය.


    කෙසේ නමුත් කීර්ති උත්සාහ කර තිබෙන්නේ, අප ආයනයද කුඩුකාරයන් සමග සම්බන්ධ බවටත්, දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවටත් පෙන්වීමටයි. එය ඉතාම පහත්, නින්දිත උත්සාහයකි.


    කීර්ති රත්නායක නමැත්තා විවිධ පුද්ගලයන් වෙනුවෙන් කඩේ ගියත්, අප කිසිවිටකත් ඒකපාර්ශ්වික නොවන බවත්, පීඩිතයන් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් දේශීය මෙන්ම විදේශීයවද ශක්තිමත් ආයතනයක් බවත් කීර්තිගේ මෙන්ම දැනගත යුත්තන්ගේ දැන ගැනීම පිණිස සටහන් කරන්නෙමු. සත්‍ය පෙන්වා දී එය වැරදි බවට පිළිගෙන අඩුපාඩු සකසා ගැනීමට අකමැති නීතිවිරොදී ක්‍රියාවල නිරත වන අයගේ පුරුද්ද අප ඉතාම හොඳින් හඳුනා ගත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම්ගේ ක්‍රියාවලිය තුලින් බවත් කීර්ති රත්නායක නමැත්තාට සිහිපත් කර දෙමින් ඔහුගේ නින්දිත, පහත් උත්සාහයට අප නැවත වරක් අප්‍රසාදය පළකරන්නෙමු.

    ඉදිරි මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් ලෙස පෙනී සිටීමට නියමිත සජිත් පේමද⁣ාස, අනුර කුමාර දිසානායක, ධම්මික පෙරේරා යන මහත්වරුන්ගෙන්ද සාකච්ඡා ඉල්ලා තිබේ. කීර්තිගේ මෙම පහත් ප්‍රකාශය අප පිළිකුලෙන් හෙළා දකින්නේ එම නිසාය.

    ඔහුගේ සටහන පහතින්.

    පසුගිය වසර 50 පුරා මත් දව්‍ය සමබන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නැත .මේ නිසා මත් ද්‍රව්‍ය New normal ‍රැල්ලක් බවට පත් විය. මත් ද්‍රව්‍ය විකිනීම සහ භාවිතා කිරීම සමාන්‍ය දෙයක් බවට පත් විය.පාසැල මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ තිඹිරිගෙය ගෙය බවට පත් විය.

    මත් ද්‍රවය ජාවාරම් කරුවන් ප්‍රදේශයේ ප්‍රභූන් බවට පත් විය. ආරක්ෂක අංශ මත් ද්‍රව්‍ය ජාවාරම කරුවන් සමහ එකට නිදා ගන්නා තත්වයට පත් විය.

    එම තත්වය රටේ දරුවන්ට එරෙහි නියත අනතුරක් බව අමුතුවෙන් කිව යුතු නැත.කරුණු එසේ හෙයින් පාඩු තිබුණද ටිරාන් සහ දේශබන්දු මත්ද්‍රව්‍ය මැඩලීමට දියත් කළ මෙහෙයුම කාලීන අවශ්‍යතාවකි.

    මත්ද්‍රව්‍ය ජාවාරම මුහුදේ පාවෙන අයිස් පරයක් වැනි දෙයකි. එහි දර්ශනය වන කොටස සීමිත වන අතර දර්ශනය නොවන විශාල කොටසක් මුහුදු පත්ලට කිඳාබැස පවතියි.‍ මේ වන විට යුක්තිය මෙහෙයුමට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතියි.

    විශේෂයෙන් ප්‍රභල දේශපාලනඥයන් දෙදෙනෙකු යුක්තිය මෙහෙයුම හෑල්ලු කරන ප්‍රකාශ නිකුත් කරනු දැකිය හැකි විය.

    1. First case – ”පොලීසිය අල්ලන කුඩු, වාර්තාව එන විට පාන් පිටි වෙනවා”. – අධිකරණ ඇමති විජේදාස කීවේය

    කෙසේ වුවද අත්අඩංගුවට ගන්නා කුඩු ගැන වාර්තාව නිකුත් කරන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවය. එම දෙපාර්තමේන්තුව පවතින්නේ විජේදාස යටතේය. එම දෙපාර්ත්මේන්තුව දූෂිත එකක් බව ප්‍රකට කරුනකි. තවද විජේදාසගේ පුත්‍රයාගේ නීති සමාගම කුඩු පාතාකයන්ගේ නඩු කථා කරන බවට බරපතල චෝදනාවක් ඇත.

    කරුණු එසේ හෙයින් විජේදාස , තමන් යටතේ තිබෙන ආයතනයට එල්ල වී තිබෙන චෝදනා ගැන සොයා බලනවා වෙනුවට පොලීසියේ ප්‍රතිරූපය හානි කරන ප්‍රකාශයක් කිරීම ගැටළු සහගතය

    2. Second case – ”යුක්තිය මෙහෙයුම නිසා අත් අඩංගුවට පත්වන්නන්ගේ දරුවන් අනාරක්ෂිත වෙනවා” – මෙම ප්‍රකාශය නිතුත් කළේ පාඨලී චම්පිකය.

    චම්පික විදුලි බල ඇමති කාලයේ ගල් අගුරු ටෙන්ඩරයෙන් බිලියන ගනනක් වංචාවක් සිදු කල බවට ටිරාන්ගේ මව්බිම පුවතක් පල කළේය. එම පුවතින් තමන්ගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින් චම්පික නඩු දැම්මේය. නඩු විභාගයේදී අපූරු දෙයක් සිදු විය. ”තමුන්ට හානි කරන්න කීර්ති නාමයක් තිබෙනවාදැයි ” ටිරාන්ගේ තීතීඥවරු තර්ක කළහ. මේ නිසා ටිරාන් සහ චම්පික අතර ගැ‍ටුමක් ඇත.

    නැෂනල් ඇලට් නිරීක්ෂණය අනුව යුක්තිය මෙහෙයුම විවෙචනය කරන අජිත් ධර්මපාල සහ ශ්‍රී රාවනාලංකා නිවුස් පසුපස  චම්පික සිටියි.

    යුක්තිය මෙහෙයුමේ අඩුපාඩු තිබිය හැක . නමුත් කළ යුත්තේ ඒවා පෙන්වා දීම මිස ”යුක්තිය” මෙහෙයුම අඩාල කිරීමට කුමන්ත්‍රණ කිරීම නොවේ . පටු අරමුනු වෙනුවෙන් මත් දව්‍ය මැඩලීමේ වැඩසටහන විවේචනය කිරීම ජාතික අපරාධයකි.

    https://www.facebook.com/plugins/like.php?href=https://nationalalert.lk/si/%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%94%e0%b7%80/&layout=button_count&show_faces=false&width=105&action=like&colorscheme=light&height=21

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version