බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ රටවල් කිහිපයක සමාගම් 24ක් මෙරට තුළ ඛනිජ තෙල් ව්‍යාපාරවල නිරතවීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර තිබුණේ සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමිණි.
අදාළ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මලයාසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල්වල සමාගම් මෙසේ යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.