මෑතකදී සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවය නිසා පීඩාවට පත්ව ඇති බවයි.
2019 වර්ෂයේ කළ අධ්‍යයනයකට අනුව ලක්ෂ 30කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් දරිද්‍රතා මායිමට පහළින් දිවි ගෙවා ඇත.එනම් දුගී බවින් පෙළී ඇත.නමුත් අද වන විට එය ලක්ෂ 96 දක්වා වර්ධනය වී ඇති බවට අනාවරණය වී ඇත.
ඒ අනුව සරල අනාවරණය වන්නේ ශ්‍රී ලංකා සමාජයේ ජනතාවගෙන් 42%ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා විසින් මේ පිළිබඳව පෙන්වා දී ඇත.















































