.
පවතින අර්බුධයෙන් රට ගොඩනැගීමේ විශේෂ සංග්‍රාමය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් මෙන්ම නව කැබිනට් මණ්ඩලයක් පත්කරන බවද, 9 වැනිදා සිදු වූ සිදුවීම පක්ෂ පාතිත්වයකින් තොරවම හෙලා දකින බවද සදහන් කරමින් විශේෂ පරීක්ෂණයක් කිරීමට නියෝග කළ බවද සඳහන් කරන ලදී.
නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සඳහා නම් කිහිපයක්ම යෝජනා වී තිබෙන නමුත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස පත්වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිදෙනෙකුම සමගි ජන බලවේග පක්ෂයෙන් ඉවත්වී නැවත එක්ෂත් ජාතික පක්ෂයට එකතුවීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.
කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතාද ජනතාව ප්‍රතික්ෂේප කල නායකයෙකු වන අතර ජනතාව ඉහලින්ම පිළිගත් රාජපක්ෂවරුන් මෙන්ම දෙවියන් ලෙස සැලකු මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයටද හානි කරන තත්වයටම පත්ව ඔවුන් සියල්ලෝම එපා වී තිබේ.
නමුත් මේ අවස්ථාවේ රටක් ලෙස ඉහලට යාමට නම් ජාත්‍යන්තරය විශ්වාස කරන පුද්ගලයෙකු අත්‍යාවශ්‍යම වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඒ සඳහා හොඳම පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණි. එබැවින් මේ අවස්ථාවේ සිදුකල යුත්තේ පැරණි සියලුම දේවල් අමතක කර එකට එක්ව රට ගොඩනැගීමේ බාරදූර කටයුත්තට පත්වන නව අගමැතිවරයා කවුරු වුවත් ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දීමයි.
මෙරට සියල්ලම විකුණා දමා, අධිකරණ පද්ධතිය මෙන්ම නීතියද විනාශ කරමින් ජනතාව කුසගින්නේ මිය යාමට ආසන්න වෙමින් තිබේ. එබැවින් මියැදෙමින් සිටින ශ්‍රී ලංකාවට නැවත පන දීමට අප එකා මෙන්ව පෙළගැසිය යුතුය. එයට එරෙහිව දේශපාලන දැක්මෙන් පමණක් බලමින් තව දුරටත් රටේ විනාශය වෙනුවෙන් පමණක් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරිමටද ජනතාවට මෙන්ම අපටද සිදුවනු ඇත.
















































