“පැරිස් සමාජය” පසුගිය මාසයේදී ඉන්දීය සහ චීන බලධාරීන් සමග ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබුණි.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටින බවයි.
මේ අතර ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් අතුරින් ඉදිරියෙන් සිටින බව සඳහන් වේ.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැඩි ණය අර්බුදය හමුවේ සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟතාවයක් ඇතිකරගත්තේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහාය.














































