English
සිංහල
00:16 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකාව නිල නොවන ලෙස හමුදා සහ පොලිස් පාලනයකට ගිහින්ද?. ජනාධිපති විසින්ම තම බෙල්ල කපා ගැනීම.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    (“ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ගඩාෆිට වෙන දේම වෙන ලකුණු” ලෙස 2022 මැයි මස 9 වන දින අප ලිපියක් පළකරමින්, රටේ තීරණාත්මක තත්වයක් උදාවෙමින් පවතින බව ප්‍රකාශ කළේය. ඒ අප සමාජ ගවේෂණවලින් අපට පෙනුණු සහ සොයාගත් දේ මතයි. අප එම ලිපිය පළකර මාස දෙකක් යන්නත් මත්තෙන් අපගේ පුවත සැබෑ විය. නමුත් එය එසේ නොවීමට නම් කලයුත්තේ මොනවාද යන්නද අප දිගින් දිගටම පෙන්වා දුන්නත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේඛ්ම්වරයා අපට චෝදනා කලේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන පුවත් අප ජනගත කරන බවයි. එම ප්‍රකාශයත් සමගම අපටද සිදු වුයේ ලේඛම්වරයාට එරෙහිව අධිකරණයට යාමටයි. නමුත් අප පසු ගිය කාලයේත් දිගින් දිගටම සමාජ ගවේෂණ මගින් පුවත් පලකලත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ඒවා ක්‍රියාත්මකකරණ බවක් දක්නට ලබුනේ නැත. මේ ලිපියද පෙර ලිපි සේම විශේෂ ලිපියක් වන්නේ අපට රටක් අවැසි බැවිනි. අශ්වයා ගියාට පසු ස්තාලය වසා වැඩක් නැති බැවින්, ඊට පෙර කලයුතු දේ සිදුකිරීම සහ ජනාධිපතිවරයා දැනුවත් කිරීම ඔහුගේ කාර්ය මණ්ඩයේ වගකීම වේ. කුමන තර්ජන මැද හෝ රට වෙනුවෙන් සත්‍ය පෙන්වා දීම අපගේ යුතුකම වන නමුත් ක්‍රියාත්මක කර යහපතත් , ක්‍රියාත්මක නොකර අයහපතත් රටට උදා කර දීම වග කිව යුත්තන්ගේ වගකීම වේ. )

    ශ්‍රී ලංකාව තුල හමුදාවන් වර්ග තුනක් තිබේ. යුධ, ගුවන් සහ නාවික හමුදාවන් යනු එම ආයතන ත්‍රිත්වය යි. මෙම ත්‍රිත්වයේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයාය. වර්තමාන ජනාධිපතිවරයා යටතේ පාලනය වන මෙම හමුදා තුනෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශේෂ ඉන් මෙරට ජනතාවටද විවිධ අවස්තාවන් වල දැවැන්ත සේවයක් සිදුකරන බැවිනි. නමුත් එම හමුදාවේ සිටින නායකයන් විවිධ භයානක, දුෂිත, නීතිවිරෝදී දේ සිදුකරන්නේ නම් එවැනි හමුදා නායකයන් වහාම හමුදාවන් වලින් නෙරපා හැරිය යුත්තේ නීතිවිරෝදී ක්‍රියා සිදුකරන්නන් ජාතියේ මහා පවා දීම් වල කොටස් කරුවන් වන බැවිනි.

    ලංකාවේ හමුදාවන් වලින් ප්‍රධානතම ලෙස ගෝලීය වාණිජ හා මූල්‍යයේ විවෘත දොරටු ආරක්ෂා කිරීම, මූලෝපායික සන්ධාන සුරක්ෂිත කිරීම,  අඛණ්ඩ දියුණුව සඳහා බලය, ශක්තිය ලබා දීම  (රාජ්‍යතාන්ත්‍රික සහ බුද්ධි එකතු කිරීම), රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩි දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ආදී කටයුතු බොහොමයක් සිදු විය යුතු වුවත්, හමුදා නායකයන්ගේ දුෂිත මෙන්ම නීතිවිරෝදී ක්‍රියාකාරකම් නිසා එම කටයුතු එසේම සිදුවන්නේද යන්න අපට පෙනෙන්නට නැත.

    පුරවැසියෙකු හමුදාවට බදවාගත් ආරම්භයේ සිටම  ජාතික සමගිය සහ අනන්‍යතාවය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට දායක වේ. එබැවින් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටකට දේශප්‍රේමී සංස්කෘතියේ තීරණාත්මක අංගයක් වන අතර හමුදාව සහ සිවිල් සමාජය අතර ඇත්තේ අවිවාදිත සම්බන්ධයකි. එය සමස්තයක් ලෙස ජාතියේ යහපැවැත්ම සහ වඩාත් නිශ්චිතව, ජාතිය තුළ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කරයි.

    එම විශිෂ්ඨ ආයතනයේ සාමාජිකයන් ජීවත් වන්නේ විවිධ පරිපාලන අකටයුතුකම් මත නම්, එමගින් සිදුවන්නේ එසේ අසාධාරණයන්ට ලක්ව සිටින සමස්ත හමුදා සාමාජිකයන් පීඩිතව ජීවත් වීමයි. ඔවුන් විශ්‍රාම ගියත් එම දුෂිත ක්‍රියාවන් නිසා ඇති වූ බලපෑමෙන් පීඩා විදිති. එවැනි සාමාජිකයන් දහස් ගනනාවක් බිහිවීම රටේ උන්නතියට කිසි සේත්ම සුදුසු නැත.

    මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිෂමට යාමට කටයුතු සිදුවෙමින් පවතී. ඒ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් විශාල ප්‍රමාණයකට අසාධාරනකම් සිදුකර තිබෙන බැවිනි. ඒ වෙනුවෙන් සිවිල් සංවිධානයක් පෙරට පැමිණ තිබේ. අප මීට පෙර එවැනි සිද්ධීන් ගනනාවක්ම වාර්තා කළේය. එසේ තිබියදීත් පසු ගියදා ලබා දුන් අධිකරණ නියෝගයක්ද ක්‍රියාත්මක නොකිරීමට යුද්ධ හමුදාධිපතිවරයා තීරණය කර තිබේ.

    ආරක්ෂක ලේඛම්වරයා මෙන්ම, යුද්ධ හමුදාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය තුලදී මහජන නියෝජිතයෙකුට පහර දීමට තැත් කර තිබුණි. එම සිදුවීමට අදාලව පල වූ වීඩියෝවලට ලැබී තිබෙන මහජන අදහස් වලින්ද මෙම ලේකම්වරයාට සහ යුද්ධ හමුදාධිපතිවරයාට දැඩි අප්‍රසාධයක් එල්ල විය.

    එවන් ගැටළු ගණනාවක්ම තිබියදී ජනාධිපති ලේඛම් සමන් ඒකනායක මහතාගේ මැදිහත්වීමෙන් යුද්ධ හමුදාධිපති විකුම් ලියනගේට තවත් සේවා දිගුවක් ලබා දි තිබෙන බව තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි. රටේ නීතියට ගරු නොකරන, අධිකරණ නියෝගවලට ගරු නොකරන යුද්ධ හමුදාධිපතිවරයෙකුට නැවත සේවා දිගුවක් ලබා දීමට තරම් ජනාධිපති ලේඛම්වරයා හෝ වෙනත් අයෙකුගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා අත්සන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා ඒකකය හැර අනෙකුත් සමස්ත සාමාජිකයන්ම දැඩි අප්‍රසාදය පළකරයි. මෙම හමුදාධිපතිවරයාගේ විවිධ නීතිවිරෝදී ක්‍රියාවන් පිළිබඳව මීට පෙරද විවිධ පුවත්පත්වල වාර්තා ගණනාවක්ම පල විය.

    යුද්ධ හමුදාවට නීති අධ්‍යක්ෂකවරයෙක් ඇයි?

    නීති විද්‍යාලයේ දී නීතිය හදාරා නීතිඥ වෘත්තීය මගින් යුද්ධ හමුදාවේ රැකියාවට බදවාගෙන, ජනතාවගේ බදු මුදලින් වැටුප් හා වරප්‍රසාද ලබමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය සඳහා  බඳවා ගැනීම කර ඇත්තේ යුධ හමුදා පතිට ,යුධ හමුදා ලේකම් ඇතුළු යුධ හමුදාවේ සාමාජිකයන් ට රටේ නීතිය යටතේ කිසිදු අපහසුතාවයකට පත් නොවී   සේවය කරන්න අවශ්‍ය සුදුසු වාතාවරණයක් සකස් කරලීමට ය. ඒ  වෙනුවෙන් ඔවුන් හමුදා පති ඇතුළු සියලුම තනතුරු හොබවන්නන් ට රටේ පොදු නීතියට ඉහලින්, එම නීතිය අභිබවා ඒවා අභියෝගය ට ලක් කරමින් හමුදා ව නම් රජයේ ආයතනයේ නීතිය ඉහලට ගෙන ඒමට නොවේ.

    හමුදා නීතියේ පරිපාලනය අකාර්යක්ෂම වු තැන , පක්ෂග්‍රාහි වෙන අවස්ථාවන් හිදි නීතිය පිළිබඳව උපදෙස් දීම ඔවුන්ගේ වගකීමයි. නමුත් අපට ලැබෙන තොරතුරුවලින් කියවෙන්නේ යුද්ධ හමුදාධිපති නීති උපදෙස් පිළිනොපදින බවයි.

     ඒ හැරෙන්නට  යුධ හමුදාව තුල නීති පති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කෙනෙකුද අනුයුක්තව සේවය කරනු ලබයි . යුධ හමුදා නීති අංශය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහතාගෙන්ද  නීතිය පිළිබඳ කරුණු වෙනුවෙන් උපදෙස් ලබා ගත යුතුය. ඔහුගේ උපදෙස්වලටද වර්තමාන මහජන යුද්ධ හමුදාධිපති අවනත නොවන බවද අපට වාර්තා වේ.

    ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රජයේ නීති උපදේශකටත් උඩින්, යුද්ධ හමුදාවේ නීති අධ්‍යක්ෂකටත් ඉහලින් යාමට තරම යුද්ධ හමුදාධිපති මන්ද මානසික නම්, ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශකවරුන් ඉන්නේ නින්දේද යන්න ප්‍රශ්න කිරීමට අපට සිදු වේ.

    ඔවුන් සියල්ලෝම මහජන මුදලින් යැපෙන්නෝ බැවින්, එසේ ඇසීමට අයිතියක් අපට තිබේ. එයටත් ප්‍රධානතම හේතුවක් තිබේ.  යුධ හමුදා නීති අධ්‍යක්ෂක මණ්ඩලය ගරු ශ්‍රේෂ්ඨාධිකරණය / අභියාචනාධිකරණ නඩු තීන්දු  නොසලකා නීතියේ හිල් පිළිබදව යුද්ධ හමුදාධිපතිට උපදෙස් දෙන්නේ නම්, ඉන් සිදුවන්නේ යුද්ධ හමුදාවෙන් රටට විය යුතු සේවය ඉටු නොවන බැවිනි. යුද්ධ හමුදාව යනු එක් මහජන බලාධිකාරියක් බැව් යුද්ධ හමුදා නීති අධ්‍යක්ෂකය නොදන්නවා විය නොහැකි නමුත්, හමුදාධිපතිවරුන්ගේ ඒකාධිපති අණ යටතේ නීතිඥ සේවයද බාල්දුවට ලක්වෙන බවට ඕනා තරම් තොරතුරු අප සතුව තිබේ. නීතිඥ සේවය බාල්දු නොකළ යුතු බවට අප තරයේ විශ්වාස කරන්නේ, පිඩිත මිනිසුන් වෙනුවෙන් ඔවුන් දැඩි මෙහෙවරක් ඉටුකරන බැවිනි.

    යුද්ධ හමුදාධිපති අධිකරන නියෝගයන් ක්‍රියාත්මක නොකරන්නේ නම් එයට ආරක්ෂක ලේඛම්වරයා මැදිහත්විය යුතුය. නමුත් එය එසේ නොවන බැවින්, අප පෙර දින පලකල වාර්තාවක සදහන් කලේ කිසිදු අකාරයකට විශ්‍රාමික යුද්ධ හමුදා නායකයෙකු ආරක්ෂක ලේඛම් තනතුරට පත් නොකළ යුතු බවටයි.   

    මේ සියල්ලම ඒක මිටට ගත් විට අපට පෙනෙන්නේ යහපාලන රාජ්‍යය සමයටත් වඩා මෙරට ආරක්ෂාව දැඩි අනතුරක තිබෙන බවයි. විශේෂයෙන්ම යුද්ධ හමුදාවේ නිළ නොලත් පාලනයකට සහ පොලිසියේ අඥාන පාලනයකට නතුව, අවුල් ගණනාවක් ඇතිකරමින් තිබීමෙන් පෙනෙන්නේ රට යන දිසාව වන්නේ ම්ලේච්ච් දිසාවක් දෙසට බවයි.

    කෙසේ වෙතත් රටේ හමුදාවේ ප්‍රශ්න නැවත නැවතත් ජිනීවා මානව හිමිකම් සැසි වෙත යාමෙන් වර්තමාන හමුදා නායකයන් විශ්‍රාම ගියත් රටේ බිහිවන අනාගත හමුදා නායකයන්ට පවා ලෝකය තුල පිළිගැනීමක් ඇති නොවන අතර ශ්‍රී ලංකාවේ හමුදාවන් වල තත්වය ලොව හමුවේ ම්ලේච්ච වීමෙන් රටක් ලෙස දැවැන්ත ගැටලුවලට මුහුණ දීමට සිදු වේ.

     ඒ අනුව රටේ මහජන බලාධිකාරියක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගැටළු නිරාකරණය නොකිරීමෙන් සිදුවන හානියට එරෙහිව කටයුතු කිරීම, ඒවා නිවැරදි කල හැකි දක්ෂ කොන්දක් තිබෙන, නීතියට ගරුකරනා වැදගත් සේම තිබෙන එකාධිකාරියට කඩා දමා නීතිගරුක දිසාවට හමුදාව ගෙන යා හැකි ආරක්ෂක ලේඛම්වරයෙක්,  හමුදාධිපතිවරයෙක් ක්ෂණිකව පත් කිරීම වර්තමාන ජනාධිපතිවරයාගේ දැඩි වගකීම වේ. එසේ නොකිරීම ජනාධිපතිවරයාගේ ජීවිතය පවා අවධානම් බව අප මීට පෙරද ලියා තිබේ.  තිබෙන ප්‍රශ්න සත්‍ය ලෙස ජනාධිපතිවරයාට දැන්වීම දන්නා අයගේ ද වගකීම වේ. එසේ නොමැතිව ජනතා අභිලාෂයන්ට එරෙහිව ජ්කනධිපතිවරගේ පෑන භාවිතා කිරීම මහා විනාශයක් වන බව අප නැවත නැවතත් අවධාරණය කරන්නෙමු. එසේම තමන්ගේ සේවා දායකයන්ට අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන්නේනම් නීතිඥ ප්‍රජාවද වර්තමාන යුද්ධ හමුදාවේ මහජන විරෝදී පාලනයන්ට එරෙහිව නැගී සිටීමට කාලය උදා වී තිබේ.

    රාජපක්ෂ මහතා පිළිබදව අප පලකල පුවත

    ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වෙන ලකුණු.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version