English
සිංහල
12:09 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකාව වැනසු 2022. කෙටියෙන් කියවමු.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජනතාව නව වසරකට පය තබන්නේ දහසකුත් වූ අපේක්ෂාවන් පොදි බැදගෙන ඒ හීන හැබෑ කර ගැනීමේ අශාව සහ වුවමනාව කැටි කර ගනිමිනි. හරියටම තව පැයකින් ලබන්නේ ද එවැනිම වූ තවත් නව වසරකි.නව වසරට පා තැබීමට මත්තෙන් අප මේ ගෙවී ගිය වර්ෂය පිළිබඳව යළිත් වරක් හැරී බැලිය යුතුව ඇත. එය මනාව කියවිය යුතුමය.

    2022 වර්ෂය ආරම්භ වන්නේ අන්ධකාරය මැදින් තවත් අඳුරු වූ ගැටලු රාශියක් ජනතාවගේ හිස මතට කඩා දමමින්ය.තම රටට තම සහෝදර වැසියන්ට යහපතක් වේ යැයි පරම චේතනාව ඇතිව දෙනු ලබන මනාපයෙන් පත් කර ගත් රජයෙන් සිදු වන්නේ මහත් විනාශයක් බව දැන සිටියා  නම් එම ජනතාව එවැනි වූ තීරණයක් නොගන්නට ඉඩ තිබුණි.

    කෙසේ නමුත් රට කරවපු ඇත්තන්ගේ පාලන ක්‍රමයේ පැවති දුර්වලතා නිසා 2022 සමස්ත වර්ෂයම ජනතාවට ගෙවා දැමීමට සිදු වූයේ දහසකුත් වූ දුක් කම්කටොලු අර්බුද එක්ක සටන් කරමින්.

    අසනීපයකට ගන්න බෙහෙත් පෙත්තේ සිට කන කෑම ටික දක්වා ජීවන බර ඉහටත් උඩින් ගොස් ජනතාවට හුස්ම ගැනීමට පවා නොහැකි තත්ත්වයට පත් විය.අවුවෙ වැස්ස නොබලා පෝලිම්වල දවස් ගෙවීමට ජනතාවට සිදු විය.බොන්න බෙහෙත් ටිකක් ජනතාවට නැති විය.උයන්න ගෑස් ටිකක්, ගමනක් බිමනක් යන්න තෙල් ටිකක්, කුප්පි ලාම්පුවක් දල්වා ගැනීමට තෙල් ටිකක්, දරුවාට කිරි පිටි ටිකක් ගන්නා නැති විය.

    ඉදිකට්ටේ සිට පිටරැටියන්ගෙන් ලැබෙන තෙක් බලා සිටින අපේ රටේ ඩොලර් සංචිත සියල්ල හිඳී ගියා.කර්මාන් ශාලා ආයතන වැසෙන්න පටන් ගත්තා.විරැකියාව වැඩි වුණා.ජනතාව තවතවත් ජීවන පරෙන් තෙරපෙන්න පටන් ගත්තා.

    දශක ගණනාවක අතීතයක පැවති පෝලිම් ක්‍රමය පැමිණියා පමණක් නොව ජනතාවට පැය ගණන් අඳුරේ සිටීමට පවා සිදුවිය.ළමෙක්ට පාඩම් කරන්න එළියක් නැති රටක් බවට මේ රට අවසානයේ පාලන තන්ත්‍රය විසින් ඇද දමන ලදී.

    මේ පීඩාව විඳ දරාගත නොහැකි තැන ජනතාව පාරට බසින්නට තීරණය කළේ රට කරවන ඇත්තන්ගේ දෑස් විවර කිරීමේ චේතනාවෙනි. ජනතාව පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව මහමගට බැස්සේ තම කුස ගින්දර , ඒ වේදනාව දරාගත නොහැකි තැනමය.

    2022 මාර්තු 31 වනදා ජනතාව පොකුරු පිටින් මහ මගට පැමිණියේ ජීවත් වෙන්න පුළුවන් රටක් ඉල්ලා ය.පන්දම් දල්වාගෙන හඬ  ගා කීවේ මේ රටේ ආර්ථික අර්බුද විසඳා දෙන ලෙසයි.තම වේදනාව රටේ පීඩා විඳින අනෙක් අයවත් නියෝජනය කරමින් මෙසේ එළියට ඇද දමන්නේ ඉතාමත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්ය.නිහඬව ඉටි පන්දම් දල්වාගෙන මහ මග හිටගෙන ඉල්ලා සිටියේ රටක් රාජ්‍යයක් නෙවෙයි ජීවත් වෙන රටේ තියන අර්බුද විසඳා දෙන ලෙසයි.

    මිනිස්සු මහ මග පෝලිම්වල දුක් වින්දා ඇතැමුන් අවසන් හුස්ම පවා හෙලුවේ මේ මහ මග තෙල් පෝලිම්වල.ජනතාව පෝලිම්වල මැරෙන තරමට මේ රට අර්බුදයකන්ට ගොදුරු කළේ කවුද? ඒ හැමෝම කියන්නේ එකම දෙයයි ක=රට කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න.නමුත් කිසිවෙක් මොවුන්ගේ දුකට කන් දු‌න්නේ නැහැ.

    එහි ප්‍රතිඵලය එතරම් සුබදායී නොවීය.එතැන් සිට සාමකාමී විරෝධය මහා ගිනි කෙළියක් බවට පත් විය.තරුණ තරුනියන්  අම්මාවරුන් තාත්තාවරුන් පමණක් නෙවෙයි වෘත්තිකයන් පවා මහ මගට බැස ප්‍රකෝපකාරී ලෙස කටයුතු කළේ රටේ පාලකයන් ගෙන ගිය අඳගොළුබීරි ප්‍රතිපත්තිය දරා ගත නොහැකි තැනයි.

    කෝපා විශ්ඨ වූ ජනතාව හිටපු ජනපති සොයා මිරිහානට ගියේ දරාගත නොහැකි වේදනාව කෝපයක් බවට හැරීමත් සමගය.අර්බුද හමුවේ පීඩාවට පත් ජනයා එය මුදා හැරියේ හිටපු ජනපතිගේ මිරිහාන පිහිටි නිවස වෙත පැමිණ බව අප සැමට දක්නට ලැබිණ.එහිදී එම නිවසඅවට ප්‍රදේශය පවා සම්පූර්ණයෙන් විනාශයට පත්විය.කෙසේ නමුත් මෙය සිදු වූයේ 2022.03.31 දින රාත්‍රියේ වන අතර 04.01 වනදා වන විට සියල්ල සන්සුන් තත්ත්වයට පත්විය.නමුත් ආරක්ෂක අංශ විශාල ජනතාවකට එලවා පහර දුන් අතර මාධ්‍යවේදීන්ගේ කැමරා ටවා කුඩු කර දැම්මේය.

    එදින උදෑසන භික්ෂුන් වහන්සේලා මෙන්ම පක්ෂ නායකයන් මෙන්ම දේශපාලන නායකයින් විශාල සංඛ්‍යාවක් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට පැමිණ සිටියේ ය.කෙසේ නමුත් සිදු වීම සමග අත්අඩංගුවට ගැනුනු පිරිස වෙනුවෙන් පසුගියදා අලුයම සිටම නීතිඥවරුන් විශාල පිරිසක් ඔවුන් බේරා ගැනීම සඳහා පොලිස් ස්ථාන වෙත පැමින සිටි අයුරු දක්නට ලැබිණ.අත්අඩංගුවට පත් සිවිල් සහ සමාජ ක්‍රියාකාරීන් බේරා ගැනීම සඳහා නීතිඥයින් විශාල පිරිසක් එක්ව ඉදිරිපත් විය.

    රටේ විවිධ පැතිවලින් ජනතාව පාරට බැස හඬ නගන විට ඔවුන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වන බව පවසමින් නීතිඥ සංගම් ද ජනතාව වෙනුවෙන් මහමගට බැස නිහඬ විරෝධතාවයක නිරත විය.කෙසේ නමුත් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ද එක්ව මහමගට බැස විරෝධතා පැවැත්වීම ඇරඹිමත් සමග 2022.04.03 වනදා විට කොළඹට දැඩි ආරක්ෂාවක් පනවන ලදී.සමස්ත දිවයිනට ම ඇඳීරි නීතිය පනවා පාලකයන් සැඟව සිටීමට කටයුතු කළ ද එය එතරම් සාර්ථක නොවීය.

    2022.04.15 වන විට රටේ කලාකරුවන්, වෘත්තිකයන්, සාමාන්‍ය ජනතාව තරුණයන් සරසවි සිසුන් මෙන්ම වයෝවෘර්ධ අම්මලා තාත්තලා පවා මහ මගට බැස රටේ අනාගත පරපුර වෙනුවෙන් සටන් කිරීමට පටන් ගන්නා ලදී.ලංකාවේ පමනක් නොවෙයි විදෙස්ගතවෙලා දුක් විඳින අපේ රටේ ජනතාව පවා ඒ රටවල් වලට වී මේ ජනතාවට සහයෝගය දක්වන අයුරු අප දැක්කා.ඔවුන් තම මව් රට බේරාගැනීම සඳහා විදෙස්රටවල පවා සිටිමින් නැගී සිටියා.බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජපානය වැනි රටවල් ගණනාවක සිට කටයුතු කරන ලදී.

    2022.04.04 වන විට රටටේ සෑම ක්ෂේත්‍රයකම පාහේ ජනතාව මහමගට රැස් වූයේ මේ අර්බුදයට විසඳුම් සොයා ය.වෛද්‍යවරුන් හෙද හෙදියන් පවා මහමගට බැස්සේ ලෙඩට බෙහෙත් ගන්න එන අසරණ ජනතාවට දෙන්න බෙහෙත් රට තුළ නැති වන පරිසරයකයි.

    රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව හඬ නැගුවේ සාධාරණය ඉල්ලාය.ජනතාවගෙන් හොරා කෑ ධනය ඉල්ලාය.රටේ අර්බුදය විසඳා දෙන ලෙස ඉල්ලාය.රටේ සියලුම දේශපාලනඥයන්ගේ නිවෙස් වටකර ජනතාව කෝලහල කළේ ඉන්න තියන රට විනාශ කරන  දූෂිතයන්ට එරෙහිවය.

    අඛණ්ඩව දින ගණනාවක් පැවති මෙම ජන හඬ අවසන කොළඹ ගාලු මුවදොර පිටිය තෙක් පැමිණෙ ලදී.2022.04.09 වනදා වන විට රටේ ඉතාමත් සංවේදී පාර්ශව පවා මෙම විරෝධයට එක්ව සිටිනු දකින්නට ලැබුණි.කොටින්ගෙන් රට මුදවා ගන්න අත් පා කැප කළ රණවිරුවන් ද යළි මහමගට පැමිණ සිටියේ රටේ දූෂිත පාලන තන්ත්‍රයෙන් රට මුදවා ගැනීමයටයි.ආබාධිත වුවත් තම රට  දිවි දෙවැනිකොට සැලකීම ඔවුන්ගේ හදවතේම ලියවී තිබෙන්නකි.භික්ෂූන්වහන්සේලා , පූජකවරුන් ආදී ආගමික් නායකයන් පවා මෙහිදී ජනතාව වෙනුවෙන් හිටගෙන සිටියේ අත්වැල් බැඳගෙනය.

    මේ අතර ගාලු මුවදොර පිටියට රට බේරා ගැනීමට පැමිණි සියල්ලන් අලුත් අවුරුදු සැමරුම අමතක කළේද නැත.කැවුම් කොකිස් රස ලබමින් අවුරුදු ක්‍රීඩා පවා සිදු කරමින් ජාති ආගම් භේදයකින් තොරව එකා මෙන් එක්ව ගාලු මුවදොර පිටියේ ඔවුන් සිංහල හින්දු අලුත් අවුරුද්ද ද ඉතාමත් සාමකාමී ලෙස සමරන ලදී.කෙසේ නමුත් මේ පැවති තත්ත්වය දරුණු අතට හැරෙන්න වැඩි දිනක් ගත වූයේ නැහැ.

    ජනතා විරෝධය මධ්‍යයේ අවසානයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත් වන බවට කරන ලද ප්‍රකාශයත් සමග ඔහුගේ බත් බැලයන් කොළඹට රැස්ව නිහඬ විරෝධතාවය ලේ විලක් බවට පත් කරන ලදී.2020.05.09 දින මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වල බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ජනතා හමුවක් පැවැත් වූ අතර ඊට පැමිණ සිටියේ නිකන්ම ජනතාව නොව පොලු මුගුරු රැගෙන ආ මැර කල්ලියි.

    මොවුන් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කොළඹට පැමිණ පොලු මුගුරු උස්සන් කෙලින්ම දිව්වේ ගාලුමුවදොර පිටියේ නිහඬ විරෝධතාවයේ යෙදෙන පිරිස් වෙතටයි.ඒ වන විට ගාලුමුවදොර පිටියේ ඉදිව තිබූ ගෝඨා ගෝ ගම සම්පූර්ණයෙන්ම ගම්මානයක් වශයෙන් නිර්මාණාත්මකව සකස් කර තිබුණේ එහි සිටි තරුණ ප්‍රජාවගේ සහ ජනතාව කරන ලද පරිත්‍යාගවලිනි.

    නමුත් මේ ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීඹට එදි පැමිණි මහින්දගේ බත් බැලයන් ක්‍රියා කරන ලදී.ගෝඨා ගෝ ගම ගිනි තබා විනාශ කර එහි සිටි අයට ද පහර දීමට ඔවුන් කටයුතු කරන ලදී.එතැන් සිට සම්පූර්ණයෙන්ම  එතැන ගිනි කෙළියක් බවට පත් විය.නිරායුධව සිටි තරුණ පිරිස්වලට ම්ලේච්ඡ ලෙස පහර දුන් මේ මහින්දගේ බත් බැලයන් ට යළි ඊට පිළිතුරු ලැබුණෙි එකට දෙක බැගිනි.

    එදින සමස්ත රටම එකම ගිනි කෙළියක් කරමින් ගාලුමුවදොර පිටියට පහරදුන් දේශපාලන අතකොළුවලට පාඩම් ඉගැන්වූවා මෙන්ම දේශපාලනඥයන්ගේ නිවෙස් ද ගින්නෙන් විනාශ කර දැමීමට ජනතාව කටයුතු කරන ලදී. හිටපු අගමැති ඉල්ලා අස්වන අවස්ථාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිනි ජනතාවට යළිත් ගම්බිම් බලා යාමට අපේ පීඩාවට පත් ජනතාව ඉඩ ලබා දුන්නේ නැත.

    ඔවුන් පැමිනි බස්රථ විනාශ කර  ඔවුන් බේරෙ වැවෙන් ද නහවා යළි පිටමන් කරන ලදී.රටේ ජනතාවගේ දුක නොහඳුනන දේශපාලන බත්බැලයන් එදින හොඳ පාඩමක් ඉගෙන ගත්තා සේම නිහඬ විරෝදය ද ඉන් නැවතුනේ නැත.ආදරයේ අරගලය ලෙස හඳුන්වන ලද මෙම අරගලය සම්පූර්ණයෙන් ම්ලේච්ඡත්වය එක් කිරීමට මේ දූෂිත දේශපාලඥයන් කටයුතු කළේ ඒ අයුරිනි.

    ඒ අයුරින් ඔවුන්ගේ දුෂ්ඨකම් ගෙවී යද්දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයා මෙරටින් පලා ගියේය. ඒ ගෞඨාභය රාජපක්ෂ මහතාය. ඉන් අනතුරුව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස පත්විය. ඔහු අගමැති වී ජනාධිපති බවට පත් වන්නේද අරගලය නිසාමය. ඔහු ජනාධිපති ලෙස පත්වන විට රටේ දුක් විදි ජනතාව ඔහු පිලිබදව දැඩි විශ්වාසයක් තැබු නමුත් දිව්රුම් දී පැය 24 ක් ගතවීමටත් පෙර ජනතාවට ඔහු එපා විය. ඒ ගෝඨා ගෝ ගමට පහර දීම නිසාය. කෙසේ හෝ අර්බුධ අස්සේ පෝලිම් යුගය අවසන් කිරීමට ඔහුට හැකි විය.

    රටේ වගකීම, රටේ ජනතාවගේ වගකීම යළිත් වරක් භාර දීමට ප්‍රථම මේ අඳුරු මතක පිළිබඳ හොඳින් මතකේ තබා ගත යුතුව තිබේ. එසේම තවමත් ඔවුන්ගේ සෙල්ලම් අවසන්ව නැත. 2023 වර්ෂයද තීරණාත්මක වර්ෂයක් බවට පත්වන ඉගි දැන් දැන් පහල වෙමින් තිබේ. අපේ පැතුම යහපත පමණක් සිදු වේවා යන්න පමණි

    Tags: ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version