2024 වර්ෂයේ එංගලන්තයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 3කින් යුත් සංචාරයක් සදහා වන කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇති බව වාර්තා වේ.
එම තරගාවලිය එළඹෙන වසරේ අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 3කදී පැවැත්වීමට නියමිත බව සදහන්.
මෙම තරගාවලිය 2023 – 2025 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ තරගාවලියක් වීම ද විශේෂත්වයකි.
තරගාවලියේ පළමු තරගය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී, දෙවැනි තරගය ලෝඩ්ස් හිදී සහ තෙවැනි තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.