මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින ඖෂධ හිඟයට සහයක් වීමේ අදිටනින් ලොව පුරා විසිර සිටින පරිත්‍යාගශිලීන්ගෙන් ලැබෙන අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගුවන් සේවා ගාස්තුවකින් තොරව මෙරටට රැගෙන ඒමේ කාර්යය ශ්‍රී ලංකා ගුවන් සේවය මගින් මේ වන විට ආරම්භ කර ඇත.
ඒ ශ්‍රී ලංකා ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රී ලංකන් කෙයාස් විසින් බව සඳහන් වේ.
මෙම සේවාව ඔස්සේ ප්‍රංශය, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, කුවේට් සහ නේපාලය ඇතුළු රටවල් රාශියක සිටින පරිත්‍යාගශීලින් විසින් ලබාදෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට ගෙන ඒම අඛණ්‌ඩව සිදු කිරීමට නියමිතය.
















































